💌Hot Coffee

72 20 7
                                    


"ටේහ්‍යාන්ග්!" ඔව් මේ ජිමින් තමයි. මුළු ඇකඩමියම හෙල්ලෙන්න ඔය නම කියලා කෑගහන කෙනෙක් වේ නම් ඒ ජිමින්ම පමණයි. වෙනදට පරක්කු වෙලා පංතියට එන මේ කොල්ලා අද කලින්ම ඇවිත් තමන්ගේ යාළුවාව හොයනවා.

"රේජින්. රේජින්! ඔහොම ඉන්න ටිකක්" රේජින් එහෙමත් නැත්තම් මෙයාලගේ පංතියේ ඉන්න කටකාර, නපුරුම කෙල්ලව දැක්ක ජිමින් ඇයට කතා කරේ තමන්ගේ යාළුවන්ව දැක්කද අහන්න.

"ඇයි ජිමින්? මොකෝ මේ... අද ඇදේ අනිත් පැත්තෙන් බිමටවත් වැටුනද?" සුපුරුදු පරිදි රේජින් බොරුවට හිනාවුණා.

"ආ හරි විහිළුව හාහා. ඔයා ටේහ්‍යන්ග්වයි ජේකේවයි එහෙම දැක්කද?"

"අම්ම්... කැන්ටීන් එක පැත්තේ ටේව නම් දැක්කා. එයා ඉන්නවා කියන්නේ ජේකේත් ඒ හරියෙම ඇති" මුළු ඇකඩමි එකම දන්න ජෝඩුවක් තමයි ටේ සහ ජේකේ කියන්නේ. ඒ දෙන්නා ඒ තරම්ම හොදයි විතරක් නෙවේ එකටමයි ඉන්නේ. මැග්නට් කෑලි දෙක කිව්වත් ඒ මේ දෙන්නම තමයි.

(Jungkook: ටෝ මොකෑ අපි ගැන ලියන්නේ? Yoonmin නම් උන් දෙන්නා ගැන ලියපියව්!😒

Writer: නිකන් ඉදපිය හා නැට්ටා😝 මන් ලියන්නේ මට ඕන එක😌

Jungkook: කවුද හා නැට්ටා ආ! මන් ඇවිල්ලා ජියොන් ජන්ග්කූක්. ඇකඩමි එකේ හැන්ඩ්සම්ම දක්ෂම කොල්ලා හුහ්

Writer: යන්න නිකන් යන්න. ජින් ඔප්පා තමා handsomeම. ඔයා ඕක කියනවා ඇහුනා නම් ඔබේ අවසානේ තමා කෙසෙල් කන හාවා😌😂

Jungkook: පෑන් කෑල්ලක් ගිය දුර ප්හු😜😂 කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නේ 😒

Taehyung: යාහ් යාහ් නවත්තපියව්! කතාව ලියනවා මැට්ටෝ වගේ රණ්ඩු නොවී😑

Writer: මැට්ටෙක්?🙁 වැදුනා හොදේ මන් යනවා😒)

"මේ අර හෝසොක්ව හම්බුනොත් කියන්න ලැබ් එකට එන්න කියලා" රේජින් ජිමින්ටත් තට්ටුවක් දාගෙන යමින් හිටපු ගමන යන්න ගියා.

"හ්ම්ම්"

"සොරි. ඉන්න මන් උදව් කරන්නම්" කැන්ටීන් එකට දුවපු ජිමින් මගදි කෙනෙක්ගේ ඇගේ හැප්පුනා. ඒ වෙන කාගෙවත් නෙවේ යුන්ගිගේ.

යුන්ගි ඔළුව හොල්ලලා ලාවට හිනා වුනේ කමක් නැහැ ඔයා යන්න කියලා සන් කරන්න.

"අනේ සොරි. රිදෙනවද?" ජිමින් ඉක්මණට හොයාගත්ත අත්පිස්නාවකින් යුන්ගිව පිහින ගමන් ඇහුවා. ඒත් යුන්ගි නම් මුකුත්ම කිව්වෙවත් කරේවත් නැහැ.

ජිමින් වගේම ඇකඩමි එකේ බහුතරයක් යුන්ගි එක්ක වැඩිය ගැවසෙන්නෑ. ඒ අකමැත්ත නිසා නෙවේ බය වගේ දෙයක් නිසා.

යුන්ගි යන්න සන් කරහම යන්නම ඕන උනත් ජිමින් නොගියේ යුන්ගිගේ ඇගේ හැලුනේ hot coffee එකක් කියලා වැඩි වෙලාවක් නොගිහින් ඒකේ රස්නෙ නිසාම ජිමින්ට හොයාගන්න පුළුවන් උන නිසා.

"බෙහෙත් දාගන්න යමුද? ඔයාව පිච්චෙන්න ඇති. ඔයා කොහොමද ඔහොම ඉන්නේ?" ජිමින් යුන්ගිගේ අතින් ඇද ඇද එහෙම කියද්දි අමුතු විදිහකට ජිමින් දිහා බලන් හිටපු යුන්ගි අත ගසලා දාලා ගියා.

"එයාට මොනා වෙලාද? මටත් මොකෝ එයාට ප්‍රශ්ණයක් නැත්තම්..  ඇයි අනේ මන් හිතලා කරේ නෑනේ" ජිමින් යුන්ගි ගැන හිත හිත ආයෙත් ටේව හොයන් ගියා.

"අඩෝ ජේකේ ඔහොම ඉන්ඩෝ!"

__

*සමහර වැරදීම් ලස්සන මතක ගොඩ නගන්නෙ නැතුවම නෙවේ?*

💌

💌

Let's meet with the next letter

♥️මන් මේක short story එකක් කරන්නද?

Serendipity [YoonMin]Where stories live. Discover now