💌Sister To The Rescue

53 15 12
                                    


@ Next day

"මේ ඔප්පා.. ඔයා නිකන් හොල්මන වගේ ඉන්නැතුව ප්‍රශ්ණේ කියනවද ආ" ජිමින්ගේ ආදරණීය සොහොයුරිය ඔහුගේ කාමරයට කඩා වැදී දැනට විනාඩි කිහිපයක් වෙනවා.

"එහෙම මුකුත් නෑ කිව්වනේ.. වාත බෝට්ටුවක් නොවී යනවකෝ" තමන්ට ඉදිරිපසින් තවත් පුටුවක් ගෙනැවිත් හිදගෙන සිටි මින්ජිට පිටුපා නැගිට ඔහු තම කාමරයේ ජනෙල් පඩිය වෙතට ගියා.

"ඔප්පා. ඔප්පා.. ඔප්පා... ඔයා හිතන්නෙ මන් ඔයාව දන්නෙ නැහැ කියලද?" ඇය පැන්සලක් අතට ගෙන එය ජිමින්ට එල්ල කරමින් ඔහු අසළට ඇවිද ගියේ කතා කරන අතරතුරේදියි,

"බලන්න මන් notice කරපු දේවල්. ඊට පස්සෙ ඔයාම තේරුම් ගන්න ඔයාට මේ නංගිට අන්දන්න බෑ කියලා. එක, පෙරේදා රෑ හීනෙන් ඇවිදන් ඇවිත් කාමරේට රිංගගත්තා ගත්තමයි. උදේ එහෙන්මම ඇවිදන් ඇවිත් ‍යන්න ගියේ මේස් කුට්ටන් වර්ග දෙකක් දාගෙන. ජූස් එකත් හැන්දෙන් බොන්න ගියා. සපත්තු දාලා දුන්නෙත් ලියා. ඔයා අකමැතිම දුඹුරු පාට ශර්ට් එකක් ඇදන් ගියේ. දැන් උනත් බලන්න ඔයා ඇදන් ඉන්නේ dark colour ඇදුමක්. හවස phone එකට කොට කොටා ඇවිත් ගේට්ටුවෙත් හැප්පුනා. රෑට කන්න ආවේ නෑ. කාමරේට දීපු එක කාලත් නෑ. ජින්ජර්ව හුරතල් කළෙත් නෑ. අඩුම ගානේ ඒකාට කන්න දුන්නදවත් බැලුවේ නෑ. මට මුකුත් කිව්වෙත් නෑ. අද ඇකඩමි ගියෙත් නෑ. ඔයා එහෙම academic days කට් කරන කෙනෙක් නෙවේ. ඒ කරලා දවසම කාමරේ ඇතුලේ.. උදේට ඔම්මා බලෙන් කවලා ගියා. දවල්ට මුකුත් නෑ. මන් හවසට ගෙනාපු snacks කන්නෙත් නෑ. දැනුත් පොතක් අනිත් පැත්තට හරවගෙන කල්පනාවක.."

ජිමින්ව වාඩිකරවගෙන මින්ජි ජනෙල් පඩිය ළග තියෙන සෝෆා එකෙන් හිදගත්තා.

"ඔප්පා.. මම දන්නවා. ඔයා ප්‍රශ්ණෙකින් ඉන්නේ. ඒ ප්‍රශ්ණෙත් මන් හිතන විදිහට මම දන්නවා. මොකද මම ඒ ගැන හෙව්වා. ඒක වෙනම කතාවක්.. ඒත් ඔයා මට ඒ ගැන හරියට කියනකන් මට පොඩි හරි උදව්වක්වත් කරන්න බෑනේ.. අනික ඔහොම වෙලාවට කාට හරි හිතේ තියෙන එක කියන එකත් හොදයි නේ?"

"ඇයි දැන් මොකද ඔයා හිනාවෙන්න ඔන්න මෙන්න තියාගෙන මන් දිහා බලන් ඉන්නෙ?" ජිමින් දිහා ටික වෙලාවක් බලන් හිටපු මින්ජි ඔවරගෙන ඇසුවේ ය.

Serendipity [YoonMin]Where stories live. Discover now