💌Change Of Time

50 19 6
                                    


යුන්ගි හෝසොක් පැවසූ ලෙසින්ම ඔවුන්ගේ පාසල් ආපනශාලාවට පැමිණ මේසයකින් වාඩි වී බලා සිටිය හ. මේ වන විට ඔහුගේ හිතේ ගැබ් වී තිබුනේ ප්‍රශ්නාර්ථයක් සහ කුතුහලයක් නොවන කුතුහලයක්.

හෝසොක් තවමත් ප්‍රමාදයි.

"අනේ සොරි! ගොඩක් වෙලා ගියාද? මට හදිස්සියෙම ප්‍රින්සිපල් කතා කරලා තිබ්බා" හෝසොක් සමාවගෙන හේතු කාරණා පැහැදිලි කළේ ය.

"ඇයි?" යුන්ගි පැවසුවේ එපමණයි.

"මොකක්ද?" අන්ද මන්ද පෙනුමක් මුහුණට ගත් හෝසොක් අසන්නට විය. යුන්ගි ආපස්සට රවා ඇහි බැමක් උස් කළ කල්හී හෝසොක්ට වැටහුණා ඔහු ඇසූ දෙය ගැන.

'ගොන් ඇටකිච්චා. හැවල මී මින්නා. මැටි කොට්ටෝරුවා. දොම්බ පතාක උණහපුළුවා. ඇෆ්රිකන් ගොන්ත අලි තඩියා! තෝනේ යකූ මුට කතා කළේ!? දැන් එයාගෙන්ම අහනවා මොකද කියලා. සැක්, වදුරු හපුවා' තමන්ටම බැන වැදුනු හෝසොක් නැවත සන්සුන් වී කතාවට මුල පිරුවේ ය.

"ම්ම් යුන්ගි. මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕන. දෙයක් කියන්නත් තියෙනවා. වැරදි විදිහට හිතන් නැත්තම් ඒ ගැන අපි කතා කරමු" එවිට යුන්ගි අතින් සන් කළේ එය පවසන ලෙසයි.

"ඔයා කාට හරි කැමතිද?" යුන්ගි ගොඩක් පුදුමෙන් වගේම අහපු දේ තේරුම් ගත නොහැකි ආකාරයකින් හෝසොක් දිහා බැලුවා. හෝසොක්ට ඒ ගැන අපහසුවක් දැනුනත් දැන් අහලා ඉවර නිසා දිගටම කතා කරන්න ඔහු තීරණය කළා.

"යුන්ගි.. මන් මේ ගැන ඇහුවේ ඔයා නිතර ජිමින් ගැන විමසිල්ලෙන් ඉන්න නිසාමත් නෙවේ ඔයාගේ family details හැමදෙයක්ම වගේ මන් දන්නවා" හෝසොක් දැනගෙන හිටියා මෙයින් මොහු පුදුම වන බවක් නමුත් යුන්ගි නොසිතූ ලෙසට කම්පනයකට පත්වුනා.

"අහ් කලබල වෙන්න එපා. මන් කාටවත් කියන්නෑ. පොඩ්ඩක් ඉන්නකෝ" මේසය මත තිබුණු වතුර වීදුරුවක් යුන්ගිගෙ අතට දෙන අතරෙදි ඔහු කතා කළේ සන්සුන්ව.

"ජිමින්ගෙයි ඔයාගෙයි තාත්තලා එක්ක හිටපු අනිත් කෙනා, ජන්ග් මින්හෝ. මගෙ අප්පා. එයා ටික කාලෙකට හැමෝගෙන්ම ඈත් උනත් සැළකිල්ලෙන් හිටියේ වෙන දේවල් ගැන ඉති-" හෝසොක් කතා කරද්දි යුන්ගි හරහට කතා කළා.

Serendipity [YoonMin]Where stories live. Discover now