💌Confessing Date

77 19 9
                                    


දවස් ගතවුණහ.

එදින ලං වුණහ.

එදින පැමිණියහ.

එදින ගතවමින් තිබෙන්නාහුය.

😂🔨

"යු-යුන්ගි.. මේ... මන්" ඔහු ගොත ගහනවා.

"මින් යුන්ගි කියලා කියන්න බැරිද? යු නෙවේ මින්" ඔහු කන පිටුපස කසමින් පැවසීය.

ඔවුන් එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන මද වෙලාවක නිහඩ බවකට වැටිණ.

"සැක්.. මේ ජෝඩුව වෙනම ආතල් එකක්නේ දෙන්නේ" පදුර අස්සේ ඉදන් ජන්කුක් මුමුණයි.

"ඒකෙත් අමුතු ෆීලින් එකක් නැත්තෙම නෑ" ටේහ්‍යන්ග්ද මිමිණුවේ ය.

"Cuteම couple එක වෙයි හැබැයි" ජින් හිනාව තද කරගෙන පැවසීය.

"මොනා උනත් කමක් නෑ. ඇකඩමියේ වැඩ ටික ගාණට කරලා දෙනවනම්"

"ශිහ්.. ඔහේට බැයිද එක මොහොතකට ඔය ගැන අමතක කරලා දාන්න?" ජින් නුරුස්සන සුළු බැල්මක් හෙළුවේ නම්ජූන් වෙතටයි.

"හරි හරි ඉතින්" නම්ජූන් අසරණ සිනහවක් පෑවා ය.

"යැයි යැයි තමා" ජින් ඔහුට ඇද කරනවා.

"ශ්ශ්.. DND! (Do not disturb)" මින්ජි ඔවුන්ට සැර කළා.

"ඔව්.. නාකි කපල් සීන් දාන්නැතුව අර හුරුබුහුටි ආදරබර අවස්ථාවට ඉඩ දීපියව්" ටේහ්‍යන්ග්ද පැටලිල්ලට එක්වුණා.

"තෝ මගෙන් අහගන්න එපා. අපිත් ඔහොම හිටියෙ නැත්තේ නෑ. තනිකඩයා හුහ්" ජින් ඔහුට ද රැව්වා ය.

"තනිකඩ? කුකී මගේ කවුරු කියලද බෝ හිතන් ඉන්නෙ? මේ බලනවකෝ" ටේහ්‍යන්ග් වික්ෂිප්ත විය. ජින් ඔහුට දිව දමමින් ඇද කරන්නේ ය. නම්ජූන් මෙය විසදන්නට උත්සහා කරයි. ඒ වාරයක් වාරයක් පාසා ජින් ඔහුට රවන්නේ ය. ටේහ්‍යන්ග් ඔහුට අනින්නේ ය. නම්ජූන්ට කේන්ති යන්නේ ය. ඒ අතරම ඔවුන් අතන කුමක් වන්නේද යන්න ගැන සැළකිලිමත් වෙයි. මින්ජි මොවුන්ව පසෙකට දමා එම අවස්ථාව රසවිදින්නී ය. හෝසොක්ට මොවුන් ගැන සිහියක් නැත.

"අවධානය දෙනවලකෝ" ජන්කුක් එක්වරම ඔවුන් වෙතට දවා අළු කරන බැල්මක් දැමුවා ය. ඔවුන්ගේ කලබලය ඒ ගමන්ම නැවතිණ.

Serendipity [YoonMin]Where stories live. Discover now