💌Fight for lover

49 15 3
                                    


"තමුන්!" යුන්ගි හන්ජින්ගේ කොලර් එකෙන් උස්සලා ඔහුව පිටිපස්සට ඇදන් ගිහින් බිත්තියට හිරකරා.

"මන් ආපහු ආපහු එකම දේ කියන කෙනෙක් නෙවේ. සැරයක් කිව්වා මේ දෙවනි පාර.. තමුන්ට මන් අද-" හන්ජින්ගේ මුහුණට අත මිටමොලවලා ගහපු ඔහු නැවත හන්ජින්ට ගහන්න අත උස්සන විට හන්ජින්ගේ මිතුරෙක් ඔහුගේ ඇගේ එල්ලුනා.

එම කෙනාව විසික් කරපු ඔහු නැවත හන්ජින්ට පහරක් එල්ල කළා. අනිත් මිතුරන් රණ්ඩු කරන්න එනවිට හන්ගේ උදරයට පයින් පහරක් එල්ල කර ලීගේ නහය කැඩෙන්නම ගහපු යුන්ගි ආපහු හතරගාතේ හිටපු හන්ජින්ව ඇදලා අරන් එළියට තල්ලු කළේ shop එකක් ඇතුළේ ගහගන්න එකෙන් තව 'සිද්ධියක්' ඇති වෙන නිසා. එහෙත් හන්ජින් පස්සෙ යන්න කලින් යුන්ගි ජොන්යුන්ට එල්ල කළ පහර නිසා ඔහු සිහිසුන් වූ අතර හන් දෙකට තුනට නැවී ලී ගැන හා ජොන්යුන් ගැන බලන්නට විය.

ජිමින් මුකුත්ම කරගන්න බැරුව අසරණව ඔවුන් දිහා බලන් හිටියා.

"යුන්ගි.. ඔය ඇති. අපි යමු ප්ලීස්!" ජිමින් අහකට වෙලා කෑගැහුවා. ඒත් යුන්ගිවත්, හන්ජින්වත් ඒ වචන ගණනකට ගත් බවක් නොපෙනුන අතර හන්ජින්ගේ මිතුරන් තව දුරටත් එම සටනට සම්බන්ධ නොවුණි.

හන්ජින් ලැබුණු අවස්ථාවකින් ළග තිබුණු street shop එකකින් අහුවුණ පිගන්, කෝප්ප වලින් යුන්ගිට ගැසූ අතර යුන්ගි එය වැළක්වූවත් ඔහුගේ අත තුවාල වුණා. හන් දීපු පහරකටද තදින්ම ඔහුගේ නළල තුවාල වෙලා තිබුණා.

"හහ්! උබ.. උබ දන්නැ මන් කවුද කියලා... අලුත් කොල්ලා! මන් ජිමින්ව දන්නෙත් ඌ මාව දන්නෙත් දැන් හුග කාලෙක ඉදන්. තමුසෙ කොහෙන්ද අපි අතරට කඩන් පැන්නේ?" අතට ගත් පිගන් ඉවර වූ පසුව හන්ජින් ඇසූ අතර යුන්ගිට දැනුනේ ඔහුට නැවතත් ඇදුම ඇතිවෙන බවයි.

(Author: මට හිනායනවා.. මට තේරෙන්නෑ මේ සටන ලියන්න.. 😭😂)

"යු-යුන්ගි.. ඔ-ඔයා හො-හොදින්ද?" කටින් ලේ වැක්කෙරුන යුන්ගි ළගට දුවගෙන ආපු ජිමින් යුන්ගිව වැටෙන්න නොදී අල්ලගත්තා.

ඒ අතරතුර හන්ජින් සටන් විරාමයේදි හති දදා දොඩවන්න පටන් ගත්හ.

Serendipity [YoonMin]Where stories live. Discover now