💌Invented Food Fight

53 16 9
                                    


"ජන්කුක්!"

"ටේහ්‍යන්ග්!"

ජින් සහ නම්ජූන් එකවැර කෑගැසුවේ මුළු ශාලාවම දෙවනත් වන ලෙසයි.

"කෑගහන්නෙපා යකොව්" හෝසොක් කන් වසාගෙන එලෙස ආපස්සට කියපු අතරෙට ටේහ්‍යන්ග් හා ජන්කුක් එතනින් අතුරුදන් වී තිබුණි.

"මිස්ටර්. යුන්ගි. ?" නම්ජූන් නැවත නෝන්ජල් ආකාරයට සිනහා වෙවී සිටි යුන්ගි දෙසට හැරුණු කළ ඔහු ඔවුන් දෙස බැලුවේ ඉතා අහිංසක භාව ප්‍රකාශනයක්ද ඇතුවයි.

"මුට කියලා වැඩක් නැහැ දැන්.. වැදගත්ම ප්‍රශ්ණය තමයි......." යුන්ගිව බේරගත් හෝසොක් කතා කළේ අවුල් සහගත මනසකින්.

"කවුද මේක සුද්ද කරන්නේ?" ජින් එලෙස විමසූ විටම හෝසොක්ට කෑගැස්සුනේ

"ප්‍රින්සිප.............................................................ල්..." නම්ජූන් කියන්න ගිය දේ ඔහුට කියා ගත නොහැකි වුණේ එලෙසයි.

ඔව්. විදුහල්පති ඔවුන් ඉදිරියේ සලාද කොළයකින් මුහුණ වසාගෙන සිටියේ ඔහුට වම් පසින් සිටි ආචාර්යවරිය තම කොණ්ඩේ සෝයා සෝස් වලින් සරසගෙන සිටින විටයි.

නම්ජූන් උත්සහ කළේ විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලයේ අයෙක් අද ආපනශාලාව පිරික්සා බැලීමට එන වග පවසා එතන ඉක්මණින් පිරිසිදු කිරීමටයි. නමුත් ඊට ප්‍රථමයෙන් ඔවුන් පැමිණ තිබුණේ සිසුන්ගේ අපල කාලය මෙය බව ඔවුන්ට අවධාරණය කිරීමට මෙනි.

"නැන්දම්මා කිව්වා වගේ යන්තරයක් දාලා නැකතක් බලලා අද එන්න තිබුණෙ" ජින් නම්ජූන්ගේ කනට මිමිණුවේ ඔහු තැලියක රතවෙමින් තිබෙන රොටියක් මෙන් වූ නිසා බව හෝසොක්ගේ මතය විය.

"මොකක්ද ළමයි මෙතන උනේ?"

"ඒකනේ සර් ඌරු කොටුවක් වගේ. හහ් මටනම් පේන්නේ.. මෙතන ළමයි නෙවේ සත්තු කන තැනක් වගේ" ඊට පිටුපසින් පැමිණි තවත් ආචාර්යවරියක් ඇදේට මෙන් පවසන විට විදුහල්පති සන් කළේ ඇයට කට වසාගන්න කියලයි.

"මේ... මේකනේ .. සර්.." නම්ජූන් හෝසොක්ව කාටවත් තේරුම් නොයන විදිහකින් ඉදිරියට තල්ලු කළ නිසාවෙන් ඔහු ගොතගසන්නට වුණා.

"මේකයි සර්.. අද ශිෂ්‍යයින් වගයක් රණ්ඩු වෙලා" ජින් ඉදිරිපත් වී කතා කළා.

Serendipity [YoonMin]Where stories live. Discover now