💌Pre-View

44 13 16
                                    


"ජිමින්!"

"ඇයි? ඇයි? මට අපේ ගෙදර යන්න ඕන!"

"කිව්වනේ දැන්. ඔයා අද ඉන්නේ මෙහෙ"

ජිමින්ව දොර ළගින් තමන් ළගට ඇදලා ගත්ත ඔහු ජිමින්ව වඩාගත්තා.

"අයිගෝ.. බිමින් තියන්නකෝ.! අහ් හාහ් ම්ම්හ් අනේ වදේ! තියනවකෝ කරදරකාරයා..."

ජිමින් එහෙට මෙහෙට දගලමින් කෑගසයි.

"ඔයා කෑගැහුවට මෙතෙන්ට එන්න කවුරුත් නැහැ. නිකන් මහන්සි වෙන්න එපා"

ජිමින්ගේ නළලින් හාදුවක් තියපු ඔහු ජිමින්ව තමන්ගේ කාමරයේ ඇදෙන් අත්හැරලා ගිහින් කාමරේ දොර ලොක් කළා.

"දැන් පාඩුවේ ඉන්නවා. නැත්තන් කෑම දෙන්නෙත් නැහැ. මලවදේ" එසේ කියපු ඔහු ගිහින් සෙටියෙන් ඉදගත්තේ පොතක් දිගහැරගෙන.

"යාහ් යා........... මට බැහැ මෙහෙ ඉන්න අනේ.. ඔම්මා...! ඉන්නවකෝ මන් ගියාම ඔම්මට කියනවා. එයා ඔයාට හොද කුඩ පාරවල් ටිකක් දෙයි ආය මෙහෙම වැඩ නොකරන්න" ඔහු ඇද මැද්දට ගිහින් අත් බැදගන්න ගමන් කීවේ ය.

"කවුද කිව්වෙ ඔම්මා ළගට බබාව ආපහු යවනවා කියලා? ඇරත් මොන වගේ වැඩ ගැනද කියන්නෙ?" පොත මුහුණින් පහත් කරපු ඔහු ජිමින්ට සමච්චල් සහගත සිනහවක් හෙළුවා.

"යාහ්.. නපුරා. ඔහේ කොහොමද එහෙම මාව ආපහු නොයවා ඉන්නෙ ආ!"

"මට ඕන දේ උනාට පස්සේ යවන්නම්. හැබැයි ඒ අද නෙවේ"

"යා.. ඔයා kidnapper කෙනෙක් වගේනෙ. මාව බය කරන්න නේද හදන්නෙ"

"මෝඩ කොල්ලා.. වගේ නෙවේ. එහෙම තමයි" තවම සමච්චලේට හිනාවෙවී ඇද ළගට ඇවිත් ඉදගත්ත ඔහුගෙන් ඈත්වෙන්න පස්සෙන් පස්සට ගිය ජිමින් ඇද මිට්ටමේ වැදී නැවතුනා.

"එ-එතකොට.. දැන් මො-මොනාද ඕන?" තමන්ගේ අත් දෙකෙන් තමන්වම බදාගත්ත ජිමින් අවිශ්වාසවන්ත බැල්මක් හෙළුවේ ඔහු වෙතටයි.

"මටද? මටනම් ඕන ඔයා දැන් කටවහගෙන නිදාගන්නවා දකින්න. ඒ උනාට එහෙම කරන පාටක් නැති නිසා බලෙන් එහෙම කරන්න වෙයි වගේ"

"බලෙන්? පිස්සුද අනේ ඔයාට.. කොහොමද මිනිස්සුන්ව බලෙන් නිදිකරවන්නෙ? ඔයාට පිස්සු නේ"

Serendipity [YoonMin]Where stories live. Discover now