💌Seclusion

51 15 7
                                    


අත්හැරපු බාස්කට් බෝල් කෝට් එක ළග සුපුරුදු බංකුවෙන් හිදගෙන කල්පනා කරමින් සිටින්නේ ජිමින්.

💌
ජිමින් වෙත,

මම හොදින්. පාළුයි ඒත් හොදින්.

ඔයා දේවල් ගැන ගොඩක් හිතන්න එපා. ඒකෙන් ඔයාට මේක නිකන්ම අමාරු කාලයක් වෙනවා.

අනික හිතුවක්කාර නොවී පරිස්සමින් ඉන්න.

තමන් අකමැතිම දෙයක් අකමැත්තෙන් කරන්නත් එපා. ඔයා ඒ ගැන පසුතැවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හිතට වගේම මොලේටත් සවන් දීලා හොද තීරණයක් ගන්න.

Good luck !

කවුරු හරි💌

"ම්ම්.. හරි" ජිමින් තමන්ටම කියාගත්තා.

"ඒත් මට ටික කාලයක් තනියම ඉන්න ඕන"

@ The Academy
Pop Garden

"අනේ අහිංසකකම. තමන්ට බැරියෑ තමන් බලාගන්න. මොකටද එක එකාට කියලා ගස්සන්නෙ ඌ නම් මහ පො-"

"තමුසෙ මොකක්ද යකෝ කියන්නෙ?" එක සිසුවියක්ගේ ජැකට් එකෙන් අල්ල ගත්ත ටේහ්‍යන්ග්ට තරහටම නහර ඉලිප්පී තිබුණා.

"හෝව් ටේ ටේ.. නවත්තන්න. මෙතන ඔයත් ප්‍රශ්ණ දාගෙන හරියන්නෑනේ" ටේහ්‍යන්ග් පස්සෙන්ම දුවන් ආපු ජන්කුක් කියන්නට විය.

"යාහ් ටේහ්‍යන්ග්..! මාව අතාරිනවා! තමුන් දන්නවද මම කවුද කියලා"

"තමුසෙ කෙල්ලෙක් නිසා බේරුනා කියල හිතාගන්න" ඇගේ ජැකට් එකෙන් අත්හැරපු ඔහු සන්සුන් වන්න වෑයමක් දැරීය.

"හහ් හරි ලොකු මිනිහෙක් වගේනෙ කතා කරන්නෙ.. සමනල්ලු.. "

"ඒලා.. කටවහගනින්. ඔය ජරා කට වස්සවනවා මන් නැත්තන්-" ජන්කුක් උගුර යටින් කේන්තිය හංගගෙන කතා කළා.

"ඇයි ජන්කුක්? ඔයා මට මොනවා කරන්නද? මාව අතෑරලා අර ගොඩේ කොල්ලා එක්ක යාළු වෙලා. දැන් මොනවද කියන්නෙ?"

"අතෑරලා? තමුසෙනෙ ඕයි මගෙ පස්සෙන් පරඩැල වගේ එල්ලි එල්ලි ආවේ. මේකට කැමති උනෙත් business නිසා කියල මන් දන්නෑ කියලද හිතන් ඉන්නෙ?"

Serendipity [YoonMin]Where stories live. Discover now