💌Rumor Over Us

58 22 29
                                    


උදේම ඇකඩමිය වෙත ගිය යුන්ගි ඊට පෙර සුපුරුදු බාස්කට්බෝල් පිටියට ගොස් එහි තිබෙන්නා වූ ලියුම සොයාගන්නට විය.

'හ්ම්ම් එදා හිනාවෙවී ලියපු ලියුම... මොනවද දන්නෑ ලිව්වෙ" යුන්ගි සිතේ වූ චකිතයෙන්ම කොළය දිගහැරියා.

💌
යාළුවෙක්ට,

ම්ම්... මන් ගැන මොනව කියන්නද කියල මට තේරෙන්නෑ..

මම යාළුවෝ එක්ක විනෝදෙන් ඉන්න, පිස්සු නටන, දක්ෂ, ලස්සන, සල්ලිකාර, හුගක් කතා කරන, අහිංසක කෙනෙක්ලු..

ඒත් මන් ටිකක් මුරණ්ඩුයි. නිතර හරිම පාළුවෙන් ඉන්නේ. මන් එහෙම කියවන්න ආස නෑ ඒත් ළග ඉන්න කෙනාට පාළු හිතෙයි කියලයි මන් කතා කරන්නේ. මන් එච්චර ලස්සන නෑ.. මන් මහතයි කියල මට හිතෙනවා. සල්ලිකාර උනාට ඒ ජීවිතේ හොද නෑ. හිර ගෙදරක් වගේ මගෙ ගෙදර. සල්ලි වලට පස්සෙන් එන අයත් හරිම වදයක්. ඒත් ඒ සල්ලි මගෙ නෙවේ ඒවා මගෙ පවුලෙ අයගෙ. මන් පොඩි job එක්කට යන්න ගියත් අප්පට හොරෙන්, එයාගේ නීති වලට පිටුපාලා යන්න ගියොත් මට ඉන්න තැනක්වත් නැතිවෙයි. ඇකඩමියට ගියත් එහෙදිත් වෙනම චරිතයක් කරන්න ඕන. හරියට මට කිසිම ප්‍රශ්ණයක් නෑ වගේ. අනික මට කරදර කරන්න නම් ඕන තරම් අය ඉන්නවා.

ඒ අතින් ගත්තොත්, ජීවිතේ විදවන්න හේතු ගොඩක් තියෙන ඒත් විදින්න එක හේතුවක් හොයන මෝඩ කොල්ලෙක් මම.

හැබැයි හොද යාළුවෝ ටිකක් නම් ඉන්නවා. ඒ නිසා තමා මන් මෙහෙම හරි ඉන්නව ඇත්තේ.

ඉතින්? ඔයා ඕන්නෑ කිව්වට මට දැනගන්න ඕන.. නම, වයස, කොල්ලෙක්ද කෙල්ලෙක්ද?! කියන්නකෝ .. :(

ඔයා මගෙ නම ගම දන්නවා නේ? හොරාට මාත් එක්ක කතා කරන්න බෑ එහෙම හුම් -_-

ජිමින්
💌

'

What?!! යාළුවෙක්? මාව ඒ ටිකට යාළුවෙක් කරගෙනද? අහ් ජිමින් ඕන කෙනෙක් එක්ක close වෙනව ඉක්මණට.. පිස්සෙක්ද මන්දා'

'හිතුව තරම් කොල්ලා සැප විදින්නෑ වගේ.. අපේ ලොකු වෙනසකුත් නැහැ එහෙනම්' තමන්ටම දුකින් මුමුණගත් යුන්ගිට යමක් සිහි වූයේ පරණ වෛරයට සිතට ඇතුල් වීමට ඉඩ සළස්වන්නට මෙනි.

Serendipity [YoonMin]Where stories live. Discover now