💌Weird Friends

59 18 10
                                    


"ඇත්තටම අපි යාළුවෝද එතකොට?" ටේහ්‍යන්ග් යුන්ගි දිහා පුදුමයකිනුත් සතුටකිනුත් බලාගෙන හිටියා.

"වෝව්. ඇත්තටම?" ජන්කුක්ද ටේහ්‍යන්ග්ට නොදෙවෙනි ලෙස බලාගෙන සිටියා.

"හ්ම්ම්" මෙම සිහින කුමරා ගැන කුමට පවසනවාද... ඔහු සිහින ලොවක අතරමන් වී තිබුණි.

'ජිමිනට මොකා ගහලද? සෝල් එක බොඩියෙන් ලෙෆ්‍ට් වෙලාවත්ද? ටේ, ජේකේ මන් දිහා අටවෙනි ලෝක පුදුමේ දිහා බලනවා වගේ බලාගෙන. එක්කෝ මුන්ට පිස්සු නැත්තන් මට පිස්සු. අපරාදේ.. හොබියවවත් එක්කන් එන්න තිබ්බා.. කොහෙද තොගෙ ලොකුකම ඔක්කටම වඩා ලොකුයිනෙ. ඔන්න ඔහේ හොබියා එක්ක කලින් වගේම ඉදපන්කෝ. මෝඩ පූසා!'

'එහෙමත් බෑනේ ඉතින්.. කමක් නෑ මුන්ව පියවි සිහියට ගැනීමේ මාගේ පරමාර්ථය උදෙසා මන් කතා කරනවා. ඔව්! මන් අද සාමාන්‍ය කොල්ලෙක් වගේ කතා කරනවා. ඒකත් යාළුවෝ එක්ක. හ්ම්ම්. හරිම සාමාන්‍යයි. මට පුළුවන්' යුන්ගි තම සිතත් සමග වැදගත් කතා බහක යෙදිලා.

'ඇත්තටම මට පුළුවන්ද?'

"ම්ම්.. සන්බේ-නිම්.. ඔයා කන්නැද්ද? කමක් නෑ. අද යාළුවෝ උන සතුටට මන් ගාණේ ඔක්කටම දවල් කෑම" ජන්කුක් හිනාවෙවී කැෆටේරියා එකට ඇහෙන්නම කිව්වා.

"ආ..! මාත් එක්ක කෝන්තර දාගත්ත උන් පැත්තක ඉදපල්ලා හැබැයි" ජන්කුක් ඒකටම අල්ලලා කියපු මේ වාක්‍යයට නම් ටේහ්‍යන්ට, ජිමින්ට හා යුන්ගිටත් සිනා ගියේ නැහැ කිව්වොත් ඒ බොරුවක්.

"මට යුන්ගි හ්‍යොන්ග් කියන්න" ජන්කුක් ඇනවුම් කළ රයිස් කේක් කෑල්ලක් කටට දාගන්න කලින් යුන්ගි කිව්වා.

"ඔහ්.. Ok! යුන්ගි.. හ්‍යොන්ග්... හිහී" ජන්කුක් අද උපරිමෙන්ම සතුටින් ඉන්න බව ඕනිම කෙනෙක්ට කියන්න පුළුවන්.

"මේ හ්‍යොන්ග්.. ඔයා මාර ලස්සනට piano play කරනවා. ලියන ඒවත් සුපිරියි. I'm seriously whipped for you now.." මදකින් ටේහ්‍යන්ග්ද කතාවට එකතු විය.

"ඒයි ඒයි ටෙයියෝ... මොකක්ද තෝ ඒ කීවේ?" තම අහස් මාළිගා බිද හෙළමින් යුන්ගිට ඉදිරියෙන් ඇති පුටුවේ තිබෙන්නා වූ තම ඇගට සපැමිණි ජිමින් ටේහ්‍යන්ග් දෙස බලා රැව්වා.

Serendipity [YoonMin]Tahanan ng mga kuwento. Tumuklas ngayon