💌Sweet Argue

51 19 5
                                    


"පයින්ද යන්නේ?" ඔවුන් ඇවිදමින්ම මහ මගට ආ විගස යුන්ගි ඇහුවා.

"ඔයාට හදිස්සි නැත්තම්. ලොකු දුරක් නෑ, හැබැයි පැයක් විතර යයි. අර පටු පාරෙන් තමා මන් ගොඩක් දවසට යන්නේ. short cut එකක්" ඔවුන් සිටි ස්ථානයට මදක් එහාට වෙන්න තිබුණු අතුරු මාර්ගයක් පෙන්වමින් ජිමින් පැවසුවා.

"අර පාළු කැලෑ පාරෙන්? ඒකත් තනියම? තමුන්ට පිස්සුද?" යුන්ගි ජිමින්ව දවා අළු කරන ලෙස බැල්මක් හෙළුව විට ජිමින්ට කෙල ගුලියක් ගිලුනේ ඉබේටම.

"ඔව් ඉතින්... වෙන යන්න විදිහක් නෑනේ. හැමදාමත් නෙවේ සමහර දවසට විතරයි මේ" ජිමින් අකුරු ගැලපමින් කියන්නට යමක් සිතනවා.

"හහ් පුදුමයි මෙහෙම හරි ඉන්නවා. තමුන්ගේ අප්පගේ තරහකාරයෙක් හරි දැක්කනම් හන්ජින්ට අහුවුනා වගේ නෙවේ. එකෙක් එක්කවත් ගහගෙන බේරෙන්න බෑ ඒකට මොකද පණ්ඩිතකම ඉහටත් උඩින් නෑ කටහඩටත් උඩින්. උසත් නෑනේ. වෙන යන්න විදිහක් නෑ කියන්නේ ගෙදර ඇතිනේ වාහන ගොඩක්! ඒ තියා taxi එකක් ගන්න සල්ලි නෑ වගේනේ. හැම එකටම හෙන වැඩ්ඩා ඒත් පරිස්සම් වෙන්නවත් තේරෙන්නැද්ද?" යුන්ගි සුපුරුදු ලෙසම සන්සුන්ව උනත් කවදාවත් නැතුව බනින විදිහට ජිමින් පුදුමයෙන්.

"මේමයි.. මට සල්ලි තිබ්බට ඒවා මගේ නෙවේ අප්පගේ. මට ඕන්නෑ හැම එකමට එයාගේ සල්ලි ඊට වඩා හොදයි මොනා හරි උනත් මට. එයාලට සල්ලි විතරයි මාවත් විකුණලා දායි පුළුවන් උනොත්. ඔයාට මාව පේන්නෙත් ලොකු පෝසතෙක්ගේ පුතෙක් විදිහටද? හරි ලේසි නේ එහෙම බලන්න මන් දිහා? හෙනට සල්ලි තියෙන, ලස්සන, දක්ෂ කිසි අඩුපාඩුවක් නැති කොල්ලෙක් කියලා?! ආ හරි ලේසි නේ?.. කාටවත් මන් ගැන ගාණක් නෑ. කවුරු උනත් මට අනවශ්‍ය විදිහට කරදරකරනකන් මන් බලන් ඉන්නෙත් නෑ. මන් karate black belter කෙනෙක් හරිද! මට පුළුවන් තනියම පරිස්සම් වෙන්න. ඔයා හරි උසයි වගේනේ කතා කරන්නේ! මන් උසයි හොදේ ඔයා තරම්ම! අනික ඔයාට මොකද මන් ගැන?" ජිමින් එක හුස්මට වේදනාවකින් වගේ කියවගෙන යන දිහා යුන්ගි බලන් හිටියේ අවුල් වෙලා.

"I'm sorry. මන් දුර දිග බැලුවේ නෑ. ඒත් මෙහෙම ඉන්න එක ඔයාට ආරක්ෂිත නැහැ" යුන්ගි ඒ අතුරු මාර්ගය දෙසට ඇවිද යන්න පටන් ගත්තේ ජිමින් දෙසට තම සම්පූර්ණ අවධානය යොදා තිබියදියි. තමන් කියවගෙන ගිය විදිහ මතක් වුණු ජිමින්ට පසුතැවීමක් ඇතිවුනේ යුන්ගි ඒ මොහොතේම සමාවගත් බවද අවධාරණය වූ නිසාවෙන්.

Serendipity [YoonMin]Where stories live. Discover now