💌Reply Letter [Jimin]

60 22 0
                                    


යුන්ගි මද වෙලාවකින් හිටපු තැනින් බැහැලා ඇවිත් ජිමින් දාලා ගියපු ලියුම අතට ගත්තේ මේක කියවන්නද? එපාද? කියලා හිතේ චකිතයක් තියාගෙන.

හැබැයි නොදැනුවත්වම උනත් යුන්ගිගේ කට කොනට නැවත වතාවක් අහිංසක හිනාවක් ගේන්න ජිමින් අසමත් උනේ නැහැ.

💌
ඔය කවුරු හරි කෙනාට

ඒක ඔයාගේ වරදක් නෙවේ! ඒක ඇත්තටම කාගෙවත්ම වරදක් නෙවේ.
අපි හැමෝටම එකම විදිහට අදහස් දක්වන්න බැහැ. ඒක සාමාන්‍යයි.

ඔයාට තේරෙන, පුළුවන් විදිහකට ඔයාට ඕන දේ මට කියන්න. මට ඒකේ ප්‍රශ්ණයක් නැහැ.
මන් කැමති ඔයත් එක්ක කතා කරන්න, ඔයාව දැනගන්න. ඔයත් ඒකට කැමතිද?

ජිමින්
💌

යුන්ගි ටිකකට පුදුම උනත් එයා ලාවට විශ්වාස කරා එයා මෙච්චර කල් හොරෙන්ම ආදරේ කරපු කෙනා මෙහෙම දෙයක් කියයි කියලා.

ලියුමේ තියෙන ජිමින්ගේ චූටි අත්අකුරු දිහා බලාගෙනම යුන්ගි එතන බංකුවෙන් ඉදගෙන පොඩි කල්පනාවකට වැටුණා.

ඒ එයාට මෙච්චර කල් කවුරුත් මේ විදිහට කතා නොකරපු නිසාද

එයාට බලාපොරොත්තු උන විදිහට ආපහු ලියුමක් ලැබුන නිසාද

නැත්තම් වෙන හේතුවකටද කියන්න එයාවත් දන්නේ නැහැ.

ඒත් එයාට කල්පනා කරන්න දේවල් ගොඩාක් තිබුණා.

ඊළගට තමන් මොනවද කියන්න ඕන

තමන් ගැන එයා දැනගනිද්දි එයාට තමන්ව එපා වෙයිද

කලින් හිටපු යාළුවෝ කරා වගේ තමන්ව විහිළුවට ගනිවිද

ආයෙත් කොන් වෙන්න වෙයිද

වෙනස්කම්, කරදර වලට මුහුණ දෙන්න වෙයිද

එයාට තමන්ව කරදරයක් වේවිද

හැමෝම කරා වගේ එයත් තමන්ට ලං වෙලා දාලා යයිද

ඇත්තටම හිතේ තියෙන දේ කිව්වට කමක් නැද්ද

වගේ තව දේවල් කීපයක්ම යුන්ගිට හිතන්න තිබුණා.

මොකද කියලද අහන්නේ?

අනුමානයක් නැතුවම කියන්න පුළුවන් ඒ එයාගේ අත්දැකීම් නිසා කියලා.

ඉතින්...

නොදැනුවත්ව උනත් හිනාවක් නැහැ වගේ හිටපු යුන්ගිගේ පුංචි හිනාව ගේන්න පුළුවන් උන ජිමින්ට දැනුවත්වත් ඒ දේ කරන්න පුළුවන් වේවිද?

__

*විශ්වාස කරන්න බැරි උනත් ඒ ඇරෙන්න වෙන විකල්පයක් නැති අවස්ථා ඕනිතරම්?*

💌


💌

Let's meet with the next

️️කොටයිද?👀

️️කොටයිද?👀

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

😍😍

Serendipity [YoonMin]Onde histórias criam vida. Descubra agora