💌Past Days

56 15 3
                                    


"එක පාරට මේවගෙන් ඈත් වෙලා මන් හොබී එක්ක ටිකක් ඈත පළාතකට ගියානේ. ඒත් මන් ඔයාලා ගැන සෝදිසියෙන් හිටියේ. ඒ අතරේ ඔයාගේ අප්පා මට ලියුමක් එවලා තිබුණා. මුලින්ම ඒ ලියුම කියවලා බලන්නකෝ"

යුන්ගිට ලියුම දුන්නත් ඔහුට එය කියවීමට මැලිකමක් ඇති බව තේරුණු හෝසොක් එය රැගෙන සද්දෙන් කියවන්න සැරසුනා.

✉️
Mr. Jung Minho/මගෙ හොදම යාළුවට

ඔබ දන්නවා ඇති දැන් මන් ඉන්න තත්ත්වය. මුන් ජේවයි මාවයි නොහිතපු උගුලකට අහුවුණේ. ඔයා ගියපු එක ඇත්තටම හොදයි.

මගේ දේපළ ඔක්කම මන් යුන්ගිට ලියනවා. මන් යන්න කලින් මගෙ පුතාට මොනාම හරි මම ඉතුරු කරලා යන්න ඕන නැත්තන් මම මොන ජාතියේ තාත්තා කෙනෙක්ද..

ඒත් මට කාවවත් විශ්වාස නැහැ. Mun Jae උනත් අපි හිතුවට වඩා දැන් වෙනස්.. ඔයාගේ personal lawyer ළග තමා ඒ files තියෙන්නේ. මට ඔයාව විශ්වාසයි! මන් නැති උන දවසක හරි දවස බලලා මගේ පුතාට මේවා භාරදෙන්න. මන් බලාපොරොත්තු වෙනවා අපි දෙන්නට වඩා හොදින් යුන්ගි සහ හෝසොක් ඉදිවී කියලා. ජිමින් තාම පොඩියි, මින්ජිත්. ඒ ළමයින්ව මේවට අල්ලගන්න දෙන්න එපා.

මගේ නෝනවයි පුතාවයි බලාගන්න. මන් දන්නවා මට තව වැඩි කල් නැහැ. ඔයත් පරිස්සම් වෙන්න.

යුන්ගිට කියන්න මන් එයාට හුගක් ආදරෙයි කියලා. හැමදේටම වඩා.. මට සමාවෙන්න.

මීට Min Won Jae
✉️

යුන්ගි තවමත් හෝසොක් කියවන ලියුම දිහා බලාගෙන ඉන්නවා. ඒ මුහුණෙන් දුකක් පෙනෙන්න නැහැ. ඒත් හිත ඇතුළෙනුත්..?

"මේක කියන්නද මට කතා කළේ? මන් ඒ හැමදෙයක් ගැනම දන්නවා" යුන්ගි ඔහුගේ කටහඩ අවදි කළේ අකමැත්තෙන්.

"නැහැ. ඔයාට ඔයාගේ අප්පා තියලා ගියපු දේ දෙන්න. ඒත් lawyer. Chung Hwa ඉන්න තැන දන්නේ Mun Jae තමයි. මන් එද්දි දේවල් වෙනස් වෙලා තිබුණා. පස්සෙ මන් ඔයාව හෙව්වත් මන් ඒක නතර කරේ දොන් ජෝ ලත් ඔයාව හොයනවා කියලා දැනගත්තම" Mr. Jung පැහැදිලි කරන්න්න උත්සහ කළා.

Serendipity [YoonMin]Where stories live. Discover now