💌First Letter [Yoongi]

64 20 4
                                    


තමන්ගේ යාළුවා කියවන්න බල කරපු ලියුම අරන් ඇවිත් පුටුවකින් ඉදගත්ත ජිමින් හුස්මක් අරන් පිට කරේ ලියුම් කවරය මතුපිට අලවලා තිබුණ ස්ටිකර් එක ගලවලා.

"බලමු මෙදා පාර මොකාද, මොනාද කියලා තියෙන්නේ කියලා" එහෙම කියපු ජිමින් ලියුම කියවන්න පටන් ගත්තේ නුරුස්සන හැගීමකින් උනත් ලියුම කියවද්දි ඒ නුරුස්සන ගතිය අයිස් ගොඩකට දාපු ගිනි දැල්ලක් වගේ නැතිවුනා කිව්වොත් හරි.

💌
ජිමින්...

ඔයාට හිතුනොත් විතරක් මේ ලියුමට ප්‍රතිඋත්තරයක් දෙන්න
වේලුන චෙරි බ්ලෝසම් ගහ යට තියෙන පෙට්ටියට ලියුමක් දාන් යන්න

ඇත්තටම මට වෙන කියන්න දෙයක් තේරෙන්නෑ. තේරුනත් කියන්න තරම් මම දක්ෂ නැහැ. ඒක මගේ වැරදක්ද?

කවුරු හරි කෙනෙක්×
💌

"What the- ? කවුද මේ? ටේහ්‍යාන්!!" ලියුම ඉවරට නැවතත් බෝනික්කෙක් වගේ වයින් උන ජිමින් කෙලින්ම හෙව්වේ Taehyungව.

'මේක අරුන් සැට් එකගේ වැඩක් නොවුනොත් අනිවා මේ කවුරු හරි කෙනාව හොයාගන්න ඕන ඇයි අනේ' ජිමින්ගේ හිතේ වැඩ කරපු අදහස තමයි ඔය.

"යාහ් මේ කොටි හපුවා නෑනේ. උගේ හා නැට්ටත් නෑ. බොලව් මොට්ටයිනි!"

"උන් දෙන්නම ගෙදර ගිහින් වගේ. හෙට අල්ලගන්නම්කෝ" මොහු කොරිඩෝව දිගේ එහා මෙහා දිව්වේ තමන්ගේ යාළුවන්ව හොයන්න නමුත් මේ වෙද්දි ඇකඩමිය තුළ හිටියේ ඔහුයි තව එක් සිසුවෙකුත් පමණක් බව ජිමින් දැනන් හිටියේ නැහැ.

"ඒත් මේක මුන් නෙවේ නම් ලිව්වේ ඒ කෙනා අතනට ඇවිත් බලයි ලියුමක් තියේද නැද්ද කියලා. කෝකටත් මන් ලියුමක් දාන්නද?"

"ලියුම දාලා බලන් ඉන්න ඕන කවුද එන්නේ කියලා හහ්. මේක නිකන් මාර සීන් එකක්නේ ඒ පාර. මගෙන් ආතල් එකක් ගන්න යනවවත්ද? එහෙම උනොත් නම් මන් ඕකව පොතු අරිනවා. අහිංසකයි වගේ හිටියට මටත් පුළුවන් නපුරු වෙන්න" ජිම්න් තමන් එක්කම කතා කරන්න ගත්තේ තමන්ගේ හිතේ නැගෙන කුතුහලය පාලනය කරගන්න ඕන නිසා.

"බෑනේ! මන් ඉක්මණට ගෙදර යන්න ඕන නංගිත් ඕපදූපයක් හදලා අප්පට කිව්වොත් මන් එතනම ඉවරයි. දැන් මන් මොකද කරන්නේ?" උසස් පාසලේ ඉගෙනුම ලබන තමන්ගේ සුහද කීකරු නංගි පොඩිත්තට ජිමින් කොච්චර ආදරේ උනත් ඇය කරන වැඩ ගැන මතක් කරන්නත් මොහු අකමැතියි.

"ඉස්සෙල්ලා කොළයක් හොයාගන්න ඕන
දෙවෙනියට මොනවා හරි එකේ ලියන්න ඕන
පස්සේ ඒක නවලා ලස්සනට අතෙන්ට ගිහින් ඔය පෙට්ටිය හොයාගෙන දාන්න ඕන"

"මොනවද ලියන්නේ?"

"ආ හරි" තම බෑගය රැගෙන පෑනක් සහ කොළයක් සොයාගත් මොහු විශේෂයෙන්ම තම අත් අකුරු හැඩ කරමින් ලිව්වේ නාදුනන අමුත්තා එවූ ලියුමේ අත් අකුරු මුතු වගේ තිබුණ නිසාත් නොදන්න කෙනෙක්ට කිසිම විදිහකින් බාල්දු වෙන්න බැරි නිසාත් යන වග ජිමින්ගේ මතයයි.

"හරි ඔය තියෙන්නේ ලස්සනට. දැන් right step left step to the blossom tree කියලා ගිහින් මේක දාලා දුවන්න ඕන ගෙදර"

"වේලුන බ්ලෝසම් ගස් තියෙන බාස්කට් බෝල් කෝට් එක පැත්තට කවුරුත් යන්නේ නෑ. මේ කවුරු හරි කෙනා නිසා මට තමා යන්න වෙන්නේ. හොල්මන් නැත්තන් එච්චරයි... අනේ මන්දා" මේ පොඩි කොල්ලා බයෙන් සැකෙන් ලියුම තියන්න ඇවිත් වටපිටාව දිහා විහිළුවටවත් බලන්නේ නැතුව යන දිහා යුන්ගි නම් බලන් හිටියේ නොදැනුවත්වම හිනාවෙවී.

__

*දැනුවත්කමකින් තොරව කරන පොඩි පොඩි දේවල්ද ජීවිතයට කොච්චර බලපානවද කියලා හිතන්නත් අමාරුයි?*

💌

💌

Let's meet with a reply letter


♥️කොහොමද මේ ලියුම? හිතට ක්ෂණිකව එන ඒවා මන් ඔහේ ලියන් යනවා. භාෂා භාවිතය අවුල්ද?

Serendipity [YoonMin]Where stories live. Discover now