💌Party Party (Yeah)

44 15 2
                                    


*සති දෙකකට පසු*

"චෙන්ගිල් චුක්කා හම්නිදා හොබියෝ!" මදක් හවස් වී ගෙදර අදුරේම ඇත්තේ ඇයි දැයි කල්පනා කරමින් ආ හෝසොක් මෙයින් හුගක් පුදුම විය.

"Happy birthday to you
Happy birthday to you
Happy birthday to our dear hosoek!
Wishing you the best birthday, today
May your dreams come true and your hopes rise higher
Let you be the sunshine for us forever
Love you so much
Happy birthday again!" කේක් ගෙඩියක් රැගෙන මුල් වුණ ජිමින්ට පිටුපසින් අනෙක් මිතුරන්ද එක්ව අත්පුඩි ගසමින් හෝසොක් හට සුභ පැතුම් දුන්නේ සිනහවන්ගෙන් හා නොයෙකුත් සැමරුම් වලින් ඔහුගේ විශාල නිවස උතුරා යවමින්.

"wishing you joyfull years ahead! Keep your bright smile forever just like now" තවමත් පුදුමයට ගල් වී සිටින හෝසොක්ව මුලින්ම බදාගනිමින් ඔහුට සුභ පැතුවේ ඔහුගේ හොදම මිතුරිය රියුජින්.

"පිස්සු කෙලින්නැතුව හරියට වැඩ ටික කරන් හොදින් ඉදපිය. අද උබට බොරුවට වැඩ ගොඩගැහුවට සොරි. ඒ වෙනුවට මේක තියාගනිම්. සුභ උපන්දිනයක්!" උපන්දින සැමරුම ලෑස්ති කිරීම හෝසොක්ට හොරෙන් කළ යුතු බැවින් ඔහුව ඇකඩමියෙහි වැඩ වලට හිර කර පැමිණි නම්ජූන්ද එහි සිටියා.

"ආ හෝසෝකා... උබට තෑගි තෝරන්න ගිහින් මගෙ හොද පණ ගියා. නංගියි අයියයි දෙන්නත් උබට wish කරා කියන්න කිව්වා හොදේ. සතුටින් ඉන්න. මොනා නැතත් උබව හෙන වටිනවා අපිට" නම්ජූන්ව එහාට කළ ජින් හෝසොක්ව බදාගැනීම වෙනුවට ඔහුව මිරිකලා සුභ පැතුම් එක් කළේ හෝසොක්ට තම කොන්ද තවම යහතින්ද යන වග ගැන සැක පහළ වන අතරතුරයි.

"සියළු පැතිම් ඉටුවන අවුරුද්දක් වේවා මේක ඕන්.. දැන් හ්‍යන්ග් තවත් ලොකුයි ඒ නිසාවත් මොංගල් වැඩ අඩු කරගෙන ආදර්ශමත් වෙන්න අපිට හරිද.. ඒක නෙවේ තාම පිට්ටු ගිල්ලා වගේ ඉන්න එපා" ඊළගට ටේහ්‍යන්ග් පැමිණ හෝසොක්ගේ පිටට තට්ටුවක් දමා කිවේ ය.

"සුභ උපන් දිනයක් ඔප්පා!" ඊට පිටුපසින් දිව විත් හෝසොක්ගේ කරට නැගගත්ත මින්ජිද ඔහුට සුභ පැතුවේ ඉතා ලෙන්ගතුකමින්. ඒ සමග හෝසොක්ට වැටහී ගියා ඔහුගෙ කොන්ද යහතින් නොමැති බවත්.

"මාගේ කුරිරු නැගණිය... බැහැපිය ඕකගේ කරෙන්! ඔහේට ඕන ඔය අහිංසකයගෙ කොන්ද කඩන්නද ඒකාගේ උපන් දිනේ දවසෙම" කේක් ගෙඩිය සැරසිලි දමා තිබූ මේසය මතින් තැබූ ජිමින් එවර තම කටහඩ උස් කළේ ය.

Serendipity [YoonMin]Where stories live. Discover now