💌Just A Little Help

49 18 2
                                    


"හැබැයි උබ ආය ඔහොම තනියම යන එන එක හරි නැහැ" ටේහ්‍යන් හා ජන්කුක් තවමත් ජිමින් සමග ඇකඩමියේ රැදී සිටි අතර ජින්ට හදිස්සියේ ගෙදර යන්න උනා.

ජිමින්ට අද ගෙදර යන්න වෙන්නේ රෑ බෝ වී නිසා තවමත් ඔහු ඇකඩමියේ රැදී සිටි අතර ඔහුගේ තනියට ටේහ්‍යන් හා ජන්කුක් නතරවුනා. නමුත් යුන්ගි ඇයි තවම නැවතිලා ඉන්නේ කියල නම් ඔහුවත් දන්නේ නැහැ.

"ඒත් ටේ මන් කාත් එක්ක යන්නද?" ජිමින්ගේ ප්‍රශ්ණය ඉතා පැහැදිලියි.

"අපිත් එක්ක. එක එක දවසට එක එක යාළුවා එක්ක හරි බෝ යන්න ඕන නැත්තන් මේක හරියන්නෑ" ටේහ්‍යන් නැවත පැවසුවා.

"ඔයාලගේ driver කෙනෙක්ට එන්න කියන්න බැයිද? ඔයාමනේ කිව්වේ ඔයාට තනියම යන්න ඕන.. ඒ නිසා එන්න එපා කිව්ව නිසා එන්නැත්තේ කියලා" ජන්කුක් විමසුවා.

"පුළුවන් වෙයි. ඒත් මන් කැමති නෑ" ජිමින් අකමැත්ත ප්‍රකාශ කරේ ඒ පොහොසත් දිවියට ජිමින් අකමැති නිසයි තම පියාගේ සේවකයින් ඔහුට ඔත්තු සපයන බව දන්න නිසයි.

"ඒ උනාට දැන් කරන්න දෙයක් නෑ. උබේ කැමැත්ත නැත්ත අදාල නෑ. හෙට ඉදන් එහෙම යන්න එන්න බැයිනම් අපිත් එක්ක යන්න බලමු. හැබැයි පුතෝ බෝ තනියම ඉදලා නම් මගෙන් කන්න එපා" ටේහ්‍යන් ඇහි බැමකුත් උස්සගෙන ජිමින්ට තරවටු කරනවා.

"ඔව්, අපි කවුරුත් නැතත් ඔය යුන්ගි ඉන්නේ. බය වෙන්න දෙයක් නම් නැතිවෙයි" ජන්කුක් ලාවට යුන්ගිට නොඇසෙන සේ විහිළුවක් කරද යුන්ගිට එය ඇසුනා.

"ඒක නෙවේ දැක්කද යුන්ගිගේ තරහව අද? එයා කාත් එක්ක හරි පැටලෙනවා දැක්කමයි මන්" ටේහ්‍යන් බැරෑරුම් විදිහට අලුත් මාතෘකාවට බැස්සේ යුන්ගි අහගෙන කියලා නොදැන.

"ඔව් ඈ හන්ජින්කාරයා උනත් ෆුල් අන්දොස් අන්‍යකොරොස් උනා"

"ඇයි අර කැස්වටුවා හන්?"

"ඒ raspy කටහඩ.. ආහ් මට පිස්සු වගෙත් උනා"

"නෑ smirk එක තමා! හිරිගඩුත් පිපුනා"

"අපෝ බලන්න පිරිලා හිටපු සැට් එක. මල වදේ"

"අරූ උඩින් ගියේ උඩින්. මූවි සීන් එක්ක වගේ වාහ්"

Serendipity [YoonMin]Where stories live. Discover now