💌A Usual Morning

54 19 14
                                    


උදේ පාන්දරම නාද උන‍ සීනු ඔරලෝසුව නිසා කෙදිරිගාමින්ම යුන්ගි අවදි වන්නට උත්සහා කරේ තමන්ට කෙතරම් මහන්සියක් දැනුනද විවේකයක් ගැනීමට ඉඩ නොමැති බව තමන්ට ඒත්තු ගන්වන්න.

'අහ්හ්හ්හ් ඇයි ඕයි තමුන්ගේ ඔළුව රිදෙන්නේ?' තමන්ටම මුමුණගත් යුන්ගි වැනි වැනි තම කුඩා නිවසේ නාන කාමරය වෙත ඇවිද ගියේ ඇකඩමියට සහභාගි වීමට යන්න ලෑස්ති වෙන්න උවමනා නිසයි.

හැද පැළද ගෙන ලෑස්ති වුණු යුන්ගි තම කාමරයේ කණ්ණාඩි මේසය ඉදිරිපසට ගොස් තමන්ගේ හැඩ බලන්නට විය.

හැද පැළද ගෙන ලෑස්ති වුණු යුන්ගි තම කාමරයේ කණ්ණාඩි මේසය ඉදිරිපසට ගොස් තමන්ගේ හැඩ බලන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'උබ අවුල්මත් නෑ. එක අතකට පෙනුම හරි හොද එකත් හොදයිනේ' තමා හැද සිටි කබාය හදාගත් යුන්ගි උදේ ආහාරය යන අතරතුර ගන්නවා යැයි සිතා ගෙයින් එළියට බැස්සේ ය.

"ආ අද උදෙන්ම ආවේ අල්ලගන්න තමයි. එක්කෝ පාන්දර එන්න ඕන නැත්තන් රෑ මැද්දේ එන්න ඕන. කොහෙද තමුන් යන්නේ? ගෙදරම ඉන්නැත්තන් පාරෙම ඉන්නවකෝ කදරදරක් නොවී"

"තව දවස් පහක් තියෙනවනේ. මන් ඒ අතරෙදි සල්ලි දෙන්නම්" තමාට කතා කළ මැදි වයසේ පිරිමි කෙනාට එසේ පවසා යුන්ගි ඔහුව මගහැර යන්නට උත්සහ කළේ මේ දවසත් මුදල් ප්‍රශ්ණ ගැන සිතීමට වැය කිරීමට තිබූ අකමැත්ත නිසා යැයි පැවසුවොත් එය නිවැරදි වනු ඇත.

"හැබැයි මට ඉක්මණට ගෙදර කුලිය ඕන. මගේ නෝනා නිසා මන් තමුන්ව එළවන්නැත්තේ. මෙහෙම හරි නැන්දා කෙනෙක් හිටපු එක ගැන සතුටු වෙනවා. අනාතයා. අපිටත් වදේ අංකල්(යුන්ගිගේ සීයා) මොකට භාරගත්තද මන්දා පාරට විසික් කරන්නැතුව කුණුගොඩ" ඔහු යුන්ගිට බැන වැදෙමින් යන දෙස යුන්ගි කිසි හැගීමකින් තොරව බලා සිටියා යැයි කිවහොත් එය බොරුවක්.

Serendipity [YoonMin]Where stories live. Discover now