💌Unexpected Favour

55 19 5
                                    


මද වෙලාවකට පසු යුන්ගි ජිමින්ට හා ඔහු සමග පැමිණි ගෑනු ළමයටත් එහි පැමිණ සිටි අනෙකුත් පාරිභෝගිකයන්ටත් ඔවුන්ගේ ඇනවුම් ලබාදී තම සේවයේ යෙදෙමින් සිටි අතර පසුව එහි ඈතින් මුවා වී සිට මොහු ජිමින් දෙස බලා සිටියේ ඇය සමග ඔහුට ඇති සම්බන්ධය කුමක්ද කියා සිතමින්.

නොරිස්සුම් හැගීමකින් සිටි ජිමින් වට පිට බලන විට එක් නිමේෂයකට ඔහුගේ හා ඔහු දෙස බලා සිටින තරුණයාගේ ඇස් ගැටුනේ යුන්ගිව තිගස්සලා.

තිගැස්මත් සමග බිම බලාගත් යුන්ගි එහෙන්මම එතනින් දුවලා ආවේ ජිමින් ඔහුව හදුනගනිවි යැයි සිතුණු නිසයි.

"තමුන් එහෙ මෙහෙ සිරි නරඹනවටද ගෙවන්නේ ආ?! මෙතන අස් කරලා ගිහින් පිගන් හෝදනවා!!" ඒ අණදීමට හිත යටින් කේන්තියක් ආවත් එය යටපත් කරගත්ත යුන්ගි ආයෙත් ඒප්‍රනයද හැද වැඩ කිරීම ඇරඹුවා.

-

"ඒයි වේටර්!" පාරිභෝගිකයන් කිහිප දෙනෙක්ම මොහුට කතා කරද මෙවැන් නපුරු ආකාරයට අද දවසේදි මේ වෙනකන් ආපනශාලාවේ අයිතිකරු ඇරෙන්න වෙන කිසිවෙකුත් මොහුට කතා කරේ නැහැ. මේ ජිමින් සමග පැමිණි ලාබාල ගෑනු ළමයා.

එහෙත් මෙවැනි රැකියාවන් කරන විටදි මෙවැන් අපහාස කිරීම්, නපුරුකම් වලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බව හොදින් දැන සිටි නිසාම යුන්ගි ඒ ගැන වැඩිය හිතන්න හිත පෙළෙඹුවේ නැහැ. ඇරත් ජිමින් ඇයට අකමැති බව ඕනම කෙනෙක්ට තේරුම් ගත හැකි ලෙස ඔහු හැසිරෙන නිසාවෙන් මොහුගේ සිතට කුඩා සැනසිල්ලක් දැනුනා.

"මේ තමුන් ගොළුද? බිහිරිද?" එම මේසය අසලට පැමිණි යුන්ගිට එල්ල උන ප්‍රශ්ණය ඔහුගේ හිත මදකට රිදවූයේ තම පරණ පාසලේදි ඔහුට මේ හේතුව නිසාවෙන්ම කරදර වලට මුහුණ පාන්න සිදුවුන නිසා.

යුන්ගි ඔළුව වැනුවේ නැහැ කියන්න.

යුන්ගි ගොළුද? නැහැ ඔහු ලස්සන ගැඹුරු කටහඩකට උරුමකම් කියන්නෙක්. ඒත් ඔහු ඉතා කලාතුරකින් කතා කරන අයෙක්. මෙවැන් අවස්ථාවන් වල කටට අගුළු දැමූ ලෙසයි ඔහුට දැනෙන්නේ. ඉතින් එය ඔහුගේ වරදක්ද?

සුවපහසුවක් නොදැනෙන තැනක ලෙහෙසියෙන් කතා නොකරන නමුත් ඔහුගේ අනෙක් චරිතය තුළදි කොතැනක වුවද නපුරු ලෙස සුළුවෙන් කතා කරනවා. අවශ්‍යම දෙයක් පමණයි ඒත්.

Serendipity [YoonMin]Where stories live. Discover now