💌Meeting Afterwards

59 19 0
                                    


රැස්වීම සාර්ථක ලෙස අවසන් වූ අතර එය කැදවා තිබුණේ මීට පෙර නිවේදනය කර තිබූ වසර අවසන් මහා තරගය ගැන සාකච්ඡා කිරීමටයි.

මොවුන් දැන් පෙළගැසී සිටින්නේ එම ප්‍රධාන රැස්වීම් ශාලාව අසළ ඇති තවත් සාමාන්‍ය ශාලාවක.

"හෝසොක්... අපි නිකන් මේ විහිළුවක් කරේ පොඩ්ඩක් මේ ඔයාල-" වරදකාරි ලෙස බිම බලාගෙන හෝසොක් හට තම ගැලවීම උදෙසා කරුණු පහදා දෙමින් සිටි ටේහ්‍යන්ව කපා හැරියේ අංශ භාර ශිෂ්‍ය නායක වූ ජින්.

"විහිළුවක්? මරු විහිළුව, මට හාට් අටෑක් හදවන එක වෙන්න ඇති!"

"ඔයාට මැස්සෙක් මේසෙ යටින් ගියත් හාට් අටෑක්නේ" ඇගට පතට නොදැනි ටේහ්‍යන්ග් අසළ හිදගෙන සිටි ජන්කුක් එසේ පැවසූ විගස එහි සිටි සැම සිනහා වූයේ එය සත්‍යක් වූ නිසයි. නමුත් ඒ සමගම ජින්ගේ රැවීමට ඔවුන් තම කටවල් වසාගත්තා.

"මේක ඇකඩමි එකක්. පිස්සු කරාට කමක් නෑ ඒත් පිට අය ඉස්සරහා අපේ විනයක් තියෙන්න ඕන. ඒ වගේම හොද සංවිධානයකුත්. දැන් බලන්න, සමහර නිවේදන හදිස්සියේ දෙනවා සමහර studentsලා දැනුවත් වෙන්නෑ. ඒ තියා ඒවා ගැන prefectලවත් හරියට දැනුවත් නෑ. අපි ළගට දුවන් එනව මොකක්ද මේ අහගෙන. මේ trouble makers සෙට් එක එක්ක තමා බැරිම. ඔය නපුරු prefectලටත් එක්ක කියන්නේ. අපි නායකත්වයක් මිසක් පාලනයක් නෙවේ කරන්නේ. පොඩ්ඩක් සංයමයකින්, සමගියකින් ඉන්න තේරුණාද? එතකොට ඔ......" එම අවස්ථාවේදි විනෝද වූ ශිෂ්‍යයන්ට හා මෙහි රැස්ව සිටින අනෙක් ශිෂ්‍ය නායකයන්ට ජින් අවවාද දෙන අතර තව සිසුන් කොටසක් රැස්වීම් ශාලාව පිරිසිදු කරමින් සිටියා.

"හෝසොක්! ඔයාට නම්ජූන් කතා කරා" සූබින් ශාලාවෙහි දොරෙන් එබී උප ශිෂ්‍ය නායකයා වෙත කෑගැසුවේ පණිවිඩයක් දීමේ අරමුණින්.

"ඉන්න එන්නම්. ජින්, සේජින් ඔය දෙන්නා මෙතන බලාගන්න" හෝසොක් ඔවුන්ට එසේ පවසා සූබින් සමග පිටත් වුණා.

"අහ් හ්‍යන් එපා වෙනවා අනේ!" තව සිසුන් තිදෙනෙක් සමග පැමිණි ජිමින් එසේ පැමිණිලි කර එතන තිබුණු පුටුවක් ඇදගෙන වාඩිවුණා.

"ඇයි මොකෝ වැඩේ අල කරගෙනද?" ජිමින් ළගට ඇවිදන් එන සේජින් චකිතයකින් විමසුවා.

Serendipity [YoonMin]Where stories live. Discover now