💌Sudden Session!

57 18 0
                                    


වෙනදා මෙන්ම තවත් එක් දවසක්.

මෙම ඇකඩමියට සතුටින් එන සිසුන් හා මෙම දිවිය වදයක් ලෙස සිතමින් එන සිසුන් අතර එයින් එකක් තෝරාගැනීමට නොහැකි සිසුන්ද සිටියා.

මෙම කතාවේ ප්‍රධාන චරිතයන් වූ යුන්ගි සහ ජිමින් යන දෙදෙනා අයත් වූයේ තුන්වන කාණ්ඩයටයි.

දෙදෙනාටම සිතා ගත නොහැකි වූයේ ඇකඩමියෙදි කරදර අඩු හෙයින් එයට කැමති වන්නද නැතිනම් එයත් තව කරදරයක් ලෙසම සිතා අකමැති වන්නද යන්නය. ඒ... ඇකඩමියෙදි ජිමින්ට මදක්ද යුන්ගිට මුළු මනින්මද රගපාන්නට සිදු වී තිබුණු නිසාවෙනි. නමුත් ඔවුන් එහිදි හොදාකාරව විනෝද වූ අවස්ථාද නැතුවම නොවේ. එබැවින් ඔවුන් එය ගැන සිතීම නවතා දැමුවා.

"හැලීව් ළමා..............යි" උදෙන්ම තම ප්‍රථම රාජකාරිය ඉටු කිරීමට මෙහි වාර්ථා කර සිටි තරුණයින් දෙදෙනෙක් විය.

"ඔව්, අද අප මේ රැස් වී සිටින්නේ"

"ටන් ට ටන්ට ටා!!" "~සංගීතය ජේකේ විසිනි~"

"මෙම විද්‍යාලයේ අලුත් තරගය ගැන විස්තරාත්මක දේශනයක් පැවැත්වීමටයි"

"ඔබට පෙනී යන ආකාරයට ඕ... මදක් සිටින්න. තාක්ෂණික දෝෂයක්" වෘත්තිමය ආකාරයට නිවේදනයේ යෙදී සිටි ටේහ්‍යන් එය නැවත්වූයේ තම mic එකෙහි ප්‍රශ්ණයක් හටගත් නිසා යැයි අනෙකන්ට පෙන්වීමට උත්සහ කරද සැබැවින්ම එසේ වූයේ ඔහු වේදිකාව පිටුපසින් පැමිණෙන ජිමින්ව දුටු නිසා යැයි සියල්ලන්ටම හොදාකාරව පැහැදිලි වී හමාරය.

"සිදු වූ දෝෂයට සමාවන්න" නමුත් එය නොපෙන්වා තමා සිටි ස්ථානයෙන් ඈතට අතෙහි වූ මයික්‍රෆෝනයද රැගෙන ඇවිද ගිය ටේහ්‍යන් නැවත තම රාජකාර්යය ඇරඹූ අතර එයට උපකාර වීමට ජන්කුක්ද වේදිකාව ඉදිරියට පිය මැන්නේය.

"එසේනම් ඊට පෙර කතාවක් කිරීමට මා මේ ඔබට පිළිගන්වන්නේ අප කලා විද්‍යාලයේ ප්‍රසිද්ධතම දක්ෂතම නැගී එන තරුව වන-" ඔහුව කපා හැරියේ ඔහු නම් කරන්නට ගිය පුද්ගලයාම වීම ඊට මදක් ඉදිරියෙන් සිටි ජන්කුක්ට හාස්‍යජනක වූ අතර එය නිවේදනය කරමින් සිටි ටේහ්‍යන්ට එය නින්දාවක් මෙන් විය.

Serendipity [YoonMin]Where stories live. Discover now