💌First Talk

55 18 6
                                    


එක්වරම ජිමින්ට ලං වෙමින් සිටි හන්ජින්ව විසික් වී ගොස් මේසයක ගැටී පොළවට වැටුණා. හන්ජින් මෙන්ම එතන සිටි සෑම සිසුවෙක්ම පාහේ සිදු වූ දෙය තේරුම් ගත නොහැකිව බලා සිටියේ එකම පුදුමයකින්.

"තමුන්ට මන් හොදින් කියන්නේ... මෙයාගෙන් ඈත් වෙලා ඉන්නවා" තමන් ඉදිරිපසින් සිටගත් මේ තරුණයා කවුද බලන්න හඩ හඩා සිටි ජිමින් ඔහුගේ ඇස් විවෘත කළ අතර ඔහුද මවිතයට පත් වූයේ නිමේෂයකිනි. තවමත් සිසුන් සියල්ල පුදුම වී සිටින අතර ජිමින්ගේ මිතුරන් මදක් සතුටටද පත් වී සිටියා.

"මන් හිතන්නේ ඔයාට කෙනාව වැරදිලා. ඔයා මොකටද මේ ජිමින් වෙනුවෙන් කතා කරන්නේ?" හන්ජින් වැටුණු තැනින් නැගිට තම තුවාල පිසදමමින් නැවත ඇවිද ආවේ ජිමින් ළගට.

"මම දැන් සැරයක් කිව්වේ ජිමින්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. මට මේක ආය ආය කියන්න ඉඩ තියන්න එපා!" ජිමින් ඉදිරිපස සිටගෙන සිටි මෙම තරුණයා ඉතා සන්සුන් නමුත් බියගන්වන ලෙස කතා කරන අයුරු සැවොම ගල් ගැසී බලාගෙන සිටියේ ඔහුගේ ගැඹුරු කටහඩ මුල්ම වතාවට රසවිදිමින්.

"යුන්ගි?"මෙතනට මෙම ආරංචිය ලැබුනු සෙයින් පැමිණි ජින් මවිතයෙන් එම තරුණයාගේ නම පැවසුවේ අනෙකන්ගේද අවධානය බලාගනිමින්. නමුත් යුන්ගි තවමත් බිම බලාගෙන සිටියේ කිසි වෙකුවත් ගණනකට නොගෙන.

"යුන්ගි මේ ඔයාද? ඔයාට මොකද උනේ?" හන්ජින්ද මවිතයට පත්ව සිටි තැනම නැවතී සිටින අතරෙදි යුන් විමසුවේ යුන්ගි මෙවැනි ලෙස හැසිරෙන අයෙක් නොවුනු නිසාවෙන් විය හැකියි.

"මොකද උනේ?... මන් ඒ ගැන පැහැදිලි කරන්න බැදිලා ඉන්නවා කියලා හිතුවද?" තම කට කොනට ගත් නපුරු සිනහවකින් එසේ පැවසූ යුන්ගි නැවත හන්ජින්ට හා ඔහුගේ ළගම මිතුරන්ට දවා අළු කරන බැල්මක් දැමුවේ මෙතනින් යන ලෙස ඉගි කරන්න නමුත් හන්ජින්ට මෙය පිළිගැනීමට නොහැකි වුණා.

"යුන්ගි, ඔයා මේකෙන් ඈත්වෙලා ඉන්න මෙච්චර කලුත් එහෙමනේ හිටියේ. අනවශ්‍ය ප්‍රශ්ණ ඕන නෑනේ අපිට. මන් ජිමින් එක්ක මේක බලාගන්නම්... And ජිමින් දැනටමත් මග්- " යුන්ගි හන්ජින්ට ඊළග වචනය කියන්න නොදී අත මිට මොලවගෙන නැවත වතාවත් කතා කරේ තමන්ගේ ඉවසීමේ අන්තයටම ඇවිදින්.

Serendipity [YoonMin]Dove le storie prendono vita. Scoprilo ora