💌Boy In A Cafeteria (1)

60 16 6
                                    


යුන්ගි මේ වෙද්දි හිටියේ cafeteria එකක පිගන් හෝදන ගමන්.

යුන්ගි දුප්පත් උන නිසා ඔහුට part time jobs කීපයක්ම කරන්න උනා ජීවත් වෙන්නයි, ඉගෙන ගන්නයි. අම්මා තාත්තා අතඇරලා දාපු මේ කොල්ලා හිටියේ සීයා එක්ක. ඒත් ඔහුත් නැති උනාගෙන් පස්සේ යුන්ගි මේ ලෝකේ තනිවෙනවා.

තමන්ගේ පවුල ගැන මද මතකයක් විතරක් තාමත් යුන්ගි ළග තිබුනා. හැබැයි ඒකෙන් වේදනාව වැඩි උනා මිසක් අඩුවක් නම් තිබුනේ නැහැ.

යුන්ගි ගැන කවුරුත්ම නොදැන හිටියේ යුන්ගි ඒ ගැන හංගපු නිසා. මොකද කලින් පාසලේදි වගේම තමන්ට ආයෙත් කරදර වෙයි කියලා එයා බයවුණා. ඇකඩමි එකේ හැමෝම එක එක විදිහට යුන්ගි ගැන හිතන් හිටියා. ඒත් ඒ කවුරුත් හරි නැහැ.

"ඒයි කොල්ලා. ගිහින් බලනවා කස්ටමර්ස්ලව අද හන්සොල් half leave දැම්මා. අද වැඩිය සෙනගත් නැති නිසා යන්න දුන්නා" ඒ එතන කැශියර් එකේ ඉන්න නෝනා නැතිනම් ජීහනා. යුන්ගි ඔළුව වනලා ඒප්‍රන් එක ගලවලා පොඩි පොතකුත් එකත් අරන් ගියේ orders ලියන් එන්න.

ඒත් යුන්ගි යද්දි ඉස්සරහා මේසේ හිටපු අයව නම් එයා කොහොමටවත්ම බලාපොරොත්තු වෙන්න නැතු ඇති. ඒ දෙන්නව දැකපු ගමන් යුන්ගිගේ හදවතට බර ගතියක් නොදැනුනාමත් නෙවේ.

යුන්ගි එහෙන්මම ආපහු ඇතුළට දිව්වා. ගිහින් හුඩී එක ඇදගෙන කැප් එකත් දාගෙන තමන්ගේ මුහුණ වැහෙන විදිහට ලෑස්ති වෙලා ඇවිත් order එක ගන්න ඒ මේසය ළගට ගියා.

"මොනවද ඔයා කන්නේ?" එතන හිටපු ගෑණු ළමයා ඒ පිරිමි ළමයගේ අතින් අල්ලලා ආදරණීය විදිහට අහද්දි එතන පොතකුත් අතේ තියන් ඉන්න යුන්ගිගේ ඇස් වලට කදුළු උනන්න ඔන්න මෙන්න.

ඒත් යුන්ගිගේ හිත අහන්නේ... ඇයි දුක් වෙන්නේ? එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැනේ?

මෝඩයා! හැමදාම වගේ හැම එකටම අඩනවා. අඩ අඩ වැටි වැටි හියපන්.. හිතට එන දේ කියන්න බෑ. අවශ්‍ය දේ ඉල්ලන්න දන්නෑ. අඩුම ගාණේ හරියට කතා කරගන්නවත් බෑ කෙනෙක් ඉස්සරහා.. තමුන් මහා වැඩකට නැති එකෙක්. එහෙම කෙනෙක්ට ඒ වගේ කොල්ලෙක් කොහොමත් කැමති වෙන්නෑ' යුන්ගිගේ හිත නිතරම වගේ දැනුත් යුන්ගිට හොදටම බනිනවා. ඒත් කිසිම කෙනෙක්ට දුකක් නොපෙන්නා ඉන්න නම් යුන්ගි තාම අසමත් වෙලා නැහැ.

"අනේ ජිමින්..." අර කෙල්ල ආයෙත් නහකුනු ගෑවේ ජිමින් මුකුත් නොකියා අහක බලාගත්ත නිසා.

"මට hot chocolate එකක් ගේන්න" ජිමින් අහක බලාගෙනම කතා කරා.

"ඒ ඇතිද? තව ice coffee එක්කුයි burger දෙක්කුයි ගේන්න" ඒ කෙල්ල අහංකාර විදිහට එතන හිටපු සුදු කොල්ලට orders දුන්නා.

ඒත් යුන්ගි නම් හිටන් බලාගෙන හිටියේ ජිමින් දිහා.

"ඒයි කොල්ලා කියන දේ ඇහෙනවද? ගිහින් ගේන්න කියපුවා ගේනවා!" ඒ කෙල්ල ආපහු නපුරු විදිහට කෑගැහුවා. ඒ සද්දෙට ගැස්සුන යුන්ගි ආචාර කරලා ආපහු ගියේ ඒ ඉල්ලපු දේවල් ගේන්න.

හැබැයි මේ මුළු ඇකඩමි එකම දන්න මින් යුන්ගි කියලා දැනන් හිටියා නම් ඒ කෙල්ල කටවත් අරින එකක් නැහැ කියලා යුන්ගිට මොහොතකට හිතුණේ එයාගේ හිතේ තමන් ගැනම පසුතැවීමක් ඇති කරමින්.

__

*නොහිතන විදිහට අදුරන අය ඉස්සරහා අසරණ වෙන්න වෙන වෙලාව කාටවත් කියන්න බැහැ?*

💌

💌

Let's meet again with a letter


️Hi ?

Serendipity [YoonMin]Where stories live. Discover now