3.Jennie (J)

360 99 53
                                    


ගොඩක් ළමයිගේ කැමතිම දවස සිකුරාදා . ඒ ඊළඟට එන weekend එක නිසා ආව  කැමැත්තක්. හැබැයි ලීසා සිකුරාදා දවසට කැමති තව හේතුවක් තිබුනා. ඒ තමයි එයාගේ මොන්ගල් යාලුවා J එහෙමත් නැත්තම් ජෙනී.

 ඒ තමයි එයාගේ මොන්ගල් යාලුවා J එහෙමත් නැත්තම් ජෙනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙනී ගියේ ලීසා ගිය හයි ස්කූල් එකට නෙවෙයි. හැබැයි මේ දෙන්නා පොඩි කාලේ ඉඳන්ම හොඳම යාලුවෝ. ජෙනී අවුරුදු 4ක් හිටියේ france වල.

  (මොකට ආවද මන්දා🙂)

දෙන්නට ඒ නිසා හම්බවෙන්න වුණේ නෑ . ඉතින් jennie ආයෙ ආපු දවසෙ ඉඳල මේ දෙන්න හැමදාම සිකුරාදට හම්බ වෙනවා. සිකුරාදට මුලින්ම දෙන්නා හම්බවෙන්න maths class එකේදී.

ඊට පස්සේ Friday walk කියලා හවස ඉඳන් රෑ වෙනකම් ම රට වටේ රවුම් ගහලා තමයි මේ දෙන්න ආයි  ගෙදර යන්නේ.

කොහොමහරි ඔන්න එදත් මේගොල්ලෝ ගියේ මැත්ස් ක්ලාස් එකට හරිම සතුටින්.

ක්ලාස් එක පටන් ගන්න තව වෙලා තිබ්බ නිසා මෙයාල ක්ලාස් එකෙන් එළියෙ  පැත්තක තිබ්බ බෙන්ච් එකක ඉඳ ගත්තා.

"මේ ඔයා homework කලාද? ඔන්න මන් නම් කළා. මම හොඳ ළමයෙක් නේ." ලීසා කිව්වා.

"Homework? යකූ homework? මාර වැඩේනේ...හි හී homework, එහෙම එකක් මන් කලේ නෑ හලෝ...පව්කාරයා ඕක ඊයේ call කරපු වෙලාවෙ අහන්න බැරි වුනාද. Instagram ගැන reviews දෙන වෙලාවේ."

"ඔහේ කවද්ද ඉතින් homework කලේ? ආහ් instagram ගැන මතක් කරපු එක හොඳයි. ඔයා දන්නෙ නෑනෙ අද උදේ..."

"අනේ ඕයි මෙහ්...මෙන්න වැන්දා මට instagram ගැන නම් කියන්න එපා . සතියක් තිස්සේ ඔය සෙද්ද විතරයි. මේ වෙලාවෙ විෂය කරුණු කතා කළා නම් අද මට මෙහෙම වෙන්නෙ නෑ මල්ලි."

ජෙනී මුලින්ම නම් instagram ගැන දැනගන්න ගොඩක් කැමැත්තෙන් හිටියේ.පස්සේ ලීසාගෙ කියවිල්ල වැඩි වෙච්ච නිසා මෙයාට ඒක තිත්ත වුණා. මේ අත දරුවටත් instagram account එකක් තිබ්බේ නෑ . ඒ එයාගේ අයිය jimin ට පිං සිද්ද වෙන්න.

(ඔක්කොම අයියලා  එක වගේද කොහෙද 🙂)

"ඔයාට පාඩු වෙයි මං කියන දේවල් අහගෙන හිටියොත්. මන් නෙවෙයි ඔහේ තමයි පව්කාරයා. මේ වගේ පව්කාරයින්ට ගල් ගහලා මරන්න ඕනි."

"අනේ චූ බරයි. දැන් මේ මිනීමරු යාලුවට බය හිතිලා ඒක වැඩි වුනා. යන්කෝ washroom එකට."

මුන් දෙන්න කොහොමත් ඔහොම ලැජ්ජ නැතුව කියනවා.
ලීසා පොදු ස්ථානවල තියෙන washroom භාවිතයෙන් වැළකෙන කෙනෙක්.

"එනවකෝ"

ජෙනී දැන් මෙතන යයි වගේ තමයි මූණ හදාගෙන හිටියේ. ඒක දැක්කම නං ලීසාව නිකංම නැගිට්ටුනා.

"හම්බෝ යමු යමු. නැත්තම් මෙතන අවුරුදු පහළොවේ ළමයෙක්ට වෙන්න ඕන නැති දෙයක් වෙයි."

"අනේ පල පල..." කිය කියම ජෙනී දිව්වා washroom පැත්තට.

"හම්මෝ දැනෙන සනීපේ...ඔයත් යන්න ඕනී නම්."

"ඔයා කියනකම් හිටියෙ...උරුලෑවි!" ඔන්න ඔතන ඉඳන් මේ දෙන්න ලෝකේ නැති සත්තුන්ගේ නම් කිය කිය ආයි බෙන්ච් එක ලඟට යන්න පටන් ගත්තා.

හැබැයි එක පාරටම ලීසාගෙ කියවිල්ල නතර වුනා. මෙයා ඇවිදන් ආව වේගෙත් ටික ටික අඩු වුනා.

ජෙනීට සිහියක් නෑ එයා තාම උරගයින්ගේ නම් කිය කිය යනවා. ටිකකින් තමයි යාලුව එයත් එක්ක නෑ කියලා තේරුණේ.

"නැට්ට නැති කබරගොයා...ආහ්? Lizz? මොකද යකූ ඔය?"

ජෙනී ආපු පාර පැත්තට හැරිලා බලද්දී ලීසා හිටියේ කොහෙද පැත්තක් බලාගෙන මොකෙක්ද එකෙක් වගේ.

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ලීසාට මොකක්ද වෙන්න ඇත්තේ? 🙂

ආහ් ඒක නෙවෙයි. මන් මෙයලගෙ photos වලට දාන්නෙ හරි විකාර ලීසයි ජෙනීයි පොඩිම කාලේ ගත්ත ඒවා නේ.

ඒ ඇයි දන්නවද 🌚

මෙයලත් (scene එකට අදාල අය ) අමුතු ලෙස සහ අසාමාන්‍ය ලෙස ලස්සන වෙන්න පටන් ගත්තෙ අවුරුදු 16න් පස්සෙ 🙂😂❤





𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now