24. අලුත් අවුරුද්ද⚫

228 77 78
                                    


~මම මේ සිංදුවට කැමතියි 😭♥~


Lisa's pov.

වෙනදට අලුත් අවුරුද්ද පටන් ගනිද්දි ලෝකේ නැති මෝඩ ප්‍රාර්ථනා කරපු මම ඒ අවුරුද්දේ ප්‍රාර්ථනා කලේ එක දෙයයි. 😞

'මේ අවුරුද්ද සතුට වැඩි දුක අඩු  අවුරුද්දක් වේවා!' 😖

මගේ ජීවිතේ එපාම කරන කාලය අලුත් අවුරුද්දත් එක්කම නැති වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබ්බා. 🥲

ඒ අවුරුද්දේ තමයි ජනවාරි පලවෙනිදා ඉඳන් හැමදාම වගේ මගේ දවසේ වුන දේවල් ලියන්න මම වෙනම පොතක් තියාගත්තේ. 📖️

හැමතැනම මට වෙනස්කම් වෙනවා වගේ පෙනෙද්දි, ගෙදර අය නිතරම වගේ කරපු එක වැරැද්දක් මතක් කර කර මගේ මනසට වදයක් වෙද්දි මැරෙන්න තිබ්බා නම් කියලා හිතුනු වාර කිහිපයක්ම තිබ්බා. ඒත් ඒක නෙවෙයි ප්‍රශ්න වලට උත්තරේ කියලා මන් දන්න නිසාම මම අවුරුද්ද පටන් ගනිද්දිම මගේ දුක කියන්න තෝරගත්තේ ඒ පොත. 🖊️

ජෙනී ඔයාගේ තනියට ඉන්නවා කියලා හිත එක වෙලාවක කිව්වත් සමහර වෙලාවට එයත් ඔයාව මොනම වෙලාවක හරි රිද්දයි කියලා ඒ හිතම කිව්ව නිසා මගේ හැම දුකක්ම මන් එයාට කියන එකත් අඩු කලා. ඒකට හේතුව එයා මන් එපා කියද්දිත් හැදුව instagram account එක. 📍

එයා මගෙන් ඒක හංගන්න හැදුවත් මට ඒක දවසක් අතටන අහු වුනා. මම සාමාන්‍යයෙන් එකම දේ දෙපාරක් කියන්න යන්නෙ නෑ කාටවත්💠. ඒත් මන් එයාට account එක ගැන නොදන්න ගානට ආයිමත් කිව්වේ,

"ඔයා account එකක් නොහදපු එක හොඳයි. අපේ ඔප්පා normal වුනා වගේ ජිමින් ඔප්පාත් ඉක්මනට අපි එක්ක කතා කරයි හොඳ ළමයි වගේ හිටියොත්..." කියලා.ආයි එහෙම කිව්වේ එයා මගේ හොඳම යාලුවා නිසා. එයා කියන දේ අහලා account එක delete කරයි කියලා මම හිතුවා. 😵

අලුත් අවුරුද්දක් කියන්නේ කලින් අවුරුද්දේ වුනු වැරදි අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න එක කියලයි මම හැමදාම හිතුවේ. මගේ ඔප්පා හිතන්නෙත් එහෙමමයි කියලා හිතුනේ එයා මාත් එක්ක අවුරුද්ද ලබලා දවසක් යන්න කලින් ඇවිත් කිව්ව දේවල් නිසා.

"Lizz...මමත් එදා හැසිරුනු විදිය හරි නෑ. ඔයත් දැන් ලොකුයි කියලා පිලිගන්න මට හරි අමාරුයි lizz. ඔයා මට තාමත් මගේ චූටි නංගි. ඒත් එහෙමයි කියලා මන් ඔයාගේ නිදහස නැති කරලා දාන්න කැමති නෑ...කලින් හිටියා වගේ සතුටින් ඉන්න ලීසා. ඔයා සතුටින් ඉන්නයි මට ඕනි...තේරුණාද?"🙂☺️

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now