7.දෙවියා

261 85 44
                                    


සති දෙකක් හරිම වේගෙන් ගත වුනා. ඒ කාලේ ඇතුලත විශේෂ දෙයක් නම් වුනේ නෑ (කියලා කියන්නත් බෑ).

ඒ සති දෙකට ලීසායි JK යි දවසට පොඩි වෙලාවක් හරි chat කරන්න පුරුදු වුනා.  ඒ දෙන්න හොඳ යාලුවෝ වුනා. හැබැයි JK වත් ලීසාවත් වැඩි දේවල් කතා කලේ නෑ.

Football ගැන👦 , exams ගැන👧, ‍යාලුවෝ ගැන😹 , adults ලා ගේ නීති ගැන වගේ දේවල් තමයි කතා කලේ. අඩුමතරමේ JK ලීසා ගේ ඇත්ත නමවත් දැනන් හිටියේ නෑ.

ඒ වගේම ලීසාට පුලුවන් වුනා 'දෙවියා' කියලා කිව්ව කෙනාගෙ විස්තර ටිකක් හොයාගන්න ක්ලාස් එකේ හිටිය පිස්සු කෙල්ලෙක්ගේ උදව්වෙන්.

එයාගේ නම Kim soo-hyun වයස අවුරුදු 16යි. ඒ කියන්නේ ලීසාට වඩා අවුරුද්දක් වැඩිමල් . යන high school එක මොකක්ද කියලා හරියටම දැනගන්න බැරි වුනා. හැබැයි එයාට දැනටමත් ex-girlfriend කෙනෙකුත් ඉන්නවා කියලා නම් දැනගත්තා.

ලීසාට මෙයා ගැන ඔය විස්තර ටික ඉරිදා වෙද්දි හොයාගන්න පුලුවන් වුනා. ඊට පස්සෙ සතියේ ක්ලාස් එක ඉවර වෙලා යද්දිත් දෙවියා අර පැණි හිනාවම මෙයාට දාලා ගියා . ලීසාත් එදා හින වුනා. ඒ වගේම එයාගෙ heart එකටත් අර මෙව්ව එක දැනුනා.

හැබැයි ඊලඟ සතියේ මෙයාලා ක්ලාස් ඉවර වෙලා එලියට එද්දි වුනේ ලීසා අකමැතිම දෙයක්.

දෙවියයි යාලුවො ටිකයි රහ කර කර yogurt drink බීලා bottles ක්ලාස් එකේ කොනක අත ඇරලා යන්න හැදුවා.

ලීසාට වෙනදට පිරිමි ළමයින්ට තියෙන බය එදා නම් ආවෙම නෑ. එයා හරිම වේගෙන් එතනට ගිහිල්ලා,

"මේහ්...මෙතන dustbin එකක් නෙවෙයි නේ..ඔයාලාගේ bottles මෙතන අත ඇරලා යන්න එපා ඒ නිසා."

කියලා කිව්වා.මෙයාට ගොඩක් තරහ ගිහින් තිබ්බේ. එයා එහෙම නරක වැඩ කරන අයට කැමති නෑ.

"ආහ් එහෙමද මැඩම්...සොරි හොඳේ. දැන් අපි මොකක්ද කරන්න ඕනේ?"

දෙවියා සවුත්තුවට වගේ ඇහුවා.

"කරන්න ඕනි දේ පැහැදිලියි නේ. ඕවා හරි තැනකට දාන්න නැත්තම් bag එකේ දාල ගෙදර ගෙනියන්න."

ලීසා වීරයා වගේ කියද්දී ජෙනී පිටිපස්සෙන් 'හරි හරි ඇති' කිය කිය මිමිනුවා. ජෙනී නම් හිටියෙ බයවෙලා.

"අම්මෝ මෙයාගේ සැර...හරි හරි මෙන්න එහෙනම් ගත්තා...මචන් ගනින් ගනින් නැත්තම් මැඩම් අපිට මොනා කරයිද දන්නේ නෑ."

දෙවියයි යාලුවොයි හිනා වෙවීම bottles ටික ගත්තා. ලීසාට තරහයි අමුතු මෙව්ව එකයි mix වෙලා මොකක්ද වෙලා තිබ්බේ.

Soo-hyun හිනා වෙවීම යාලුවෝ එක්ක යන්න පටන් ගත්තා. ලීසත් ඉතින් හරි ගැම්මෙන් ජෙනී එක්ක යන්නයි ලෑස්ති වුනේ. එතකොටම soo-hyun යන එක නවත්තලා Shah Rukh Khan හැරෙනවා හැරිලා..

"Bye Lisa" කියලා කිව්වා. ලීසා කටත් ඇරගෙන හැරිලා බලද්දි ඇහැක් ගහලා wave කරලා යන්න ගියා.

(මට විතරද හිතෙන්නෙ මූ ගානට වැඩියි කියලා 🙂🙂🙂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මට විතරද හිතෙන්නෙ මූ ගානට වැඩියි කියලා 🙂🙂🙂)

"හෑ!? ඒ කියන්නේ එයත් ඔයා ගැන හොයලා? අපෝ මේ මොකක්ද වෙන්න යන්නේ." ජෙනී එහෙම කියද්දි ලීසා ජෙනීට හොඳ පාරක් දීලා ගෙදර ගියා. එදත් ඒ දෙන්නට friday walk එක යන්න වුනේ නෑ.

කොහොමහරි ලීසා හිතාගත්තා ඊලගට ආව සතියේ එයාගේ මූනවත් බලන්නේ නෑ කියලා. ලීසාට ලැජ්ජාවක් වගේම බයකුත් තිබ්බ නිසයි එහෙම හිතුවේ.

ජෙනීටත් tennis tournament නිසා එදා ක්ලාස් එන්න වෙන්නෙ නෑ කිව්වා. ක්ලාස් යන්නෙ නැතුව අම්මගේ බැනුම් අහන් සතියක් ඉන්නවාට වඩා ක්ලාස් යන එක හොඳ නිසයි එයා තනියෙම යන්න හිතුවේ.

ක්ලාස් එකනම් කොහොමහරි කම්මැලිකමෙන්ම ඉවර වුනා. මෙයා හැමෝටම කලින් එලියට පැනගත්තේ soo-hyun ව මූණ ඉස්සරහට අහු නොවෙන්න ඉක්මනටම ගෙදර දුවන්න බලාගෙන. ඒත් මෙයා හරි වේගෙන් එතනින් යන්න හදද්දිම...👀

"Lisa! Lisa!! ඒහ් මැඩම්...දුවන්න එපා මැඩම්"

♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤

හායි මම තමයි හොඳ ළමයා 🙂




𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now