9.Call එක

245 79 50
                                    


Lisa's pov.

කවුද කියලා නොදන්න කෝල්ස් වලට මම answer කරන්නෙ නෑ. ඒ නිසා මන් එදත් phone එක ring වෙලා නවතින්න දාලා ඇඳේ අනිත් පැත්ත්ට හැරිලා නිදාගන්න try කලා.

හැබැයි එක දිගටම ring වෙද්දි එක පාරටම මට මතක් වුනේ අම්මාව 🥲. අම්මාට කරදරයක්වත් වෙලාද? ඔෆිස් එකේ කෙනෙක්ද මේ කතා කරන්නේ වගේ දේවල් හිතෙන්න ගත්තා. මන් ඒ නිසාම ඉක්මනට phone එක අරගෙන වැඩිය කල්පනා නොකරම answer කලා.

මම මුලින් කතා කලේ නෑ. මොනාද call කරපු කෙනා කියන්නෙ බලන්න සද්ද නැතුව හිටියා 🤐.

"Hello? ලීසා නේද? ඔයාට මාව ඇහෙනවද?"

ඒ කටහඬ මට අඳුරගන්න ලොකු වෙලාවක් ඕනි වුනේ නෑ. ඒ soo-hyun 😐.

මට ආවේ බයක් නෙවෙයි පුදුමයක්. මන් එයාට උත්තර නොදීම කල්පනා කලා මෙයට මගේ phone නම්බර් එක ලැබෙන්න ඇත්තේ කොහොමද කියලා 😶.

ඒකට උත්තරේ තියෙන්නෙ soo-hyun ගාවමයි නිසා,

"ඔයාට කොහෙන්ද මගේ number එක?" කියලා වැඩියම සැර නොකර ඇහුවා.

"ආහ් ඒවට ඉතින් තියෙනවා ක්‍රම සහ විදි..හි හී...ඉතින් ඉතින් මොනාද බබා කර කර හිටියේ?"

Soo-hyun ගේ බබා නම් හරිම වදයක්. මම එහෙම කියනවට කැමති වුනේ නෑ.

"මෙහ් ඇයි ඔයා දැන් මට බබා කියන්නේ? මගේ නම ලීසා." ඒක නම් මම කිව්වේ ටිකක් තරහෙන්.😤

"අයියෝ ලැජ්ජ වෙන්න එපා සුදූ 🙂. ඔයයි මමයි නේ"

"බායි...අම්මා කතා කරනවා මට." මම එහෙම කියලා phone එක තිබ්බේ මට අප්පිරියාවක් වගේම තරහකුත් ආව නිසා🤢😑.

මට තරහ ගිය පාර මම phone එකත් පැත්තට දාලා JK ගේ උපදෙස් පිලිපදින්න ගත්තා.

එයා මට කිව්වා එයා තරහ ගියාම කරන්නේ එයාගේ කොට්ටෙට මූණ තියලා හයියෙන් කෑ ගහලා ඕනේනම් අඬලා ඊට පස්සේ කොට්ටෙට පුලුවන් තරම් හයියෙන් ගහන එක කියලා. 💆‍♂‍

(අසරණ කොට්ටේ 😂🙂)

ඉතින් මමත් ඒක කලා. ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනුනේ ඒක කලාට පස්සේ.
මට ටිකකින් Whatsapp මැසේජ් එකක් ආවා soo-hyun ගෙන්.

'Sorry Lisa...😢'

මම රිප්ලයි කලේ නෑ. එයා යාලුවෙක් කරගන්න හොඳ මනුස්සයෙක් නෙවෙයි කියලා මට තේරුනා ඒ කතා කරපු ටිකට.🥲

එයා ගැන තිබ්බ කැමැත්ත එහෙම්ම තිබුනත් මට තේරුනා යාලුවෙක් වෙන්න හොඳ නැත්තම් ඊට වඩා දේකට එයා හොඳ නෑම නෑ කියලා.😔

මම ඉතින් ආයි ඇඳට වැටිලා අද දවසේ වුන දේවල් ගැන හිතන්න ගත්තා. එතකොට තමයි මට එකපාරම soo-hyun ඇහුව දේ පත්තු වුනේ 💡.

"ආහ් මන් ඇහුවේ යාලු වෙමුද කියලා...😂🤦...මොකද කියන්නෙ හා ද?"

එයා අදහස් කරපු දේ මන් තේරුම් ගත්ත විදියයි වැරදි.

"අයියෝ දෙයියනේ 😩" මන් මහ හයියෙන් කෑ ගැහුවේ වෙලා තියෙන දේ හොඳටම තේරුන නිසා.

Ask out කරන විදියට නෙවෙයි නේ ඒ මනුස්සයා ඒක කිව්වේ 😭.

මන් දැන් මොකද කරන්නේ? 😶

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

පත්තු වුනා පත්තු වුනා ඩිගිරි ඩිඟා පත්තු වුනා. 🙂

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now