38. අවසාන කොටස 💔

433 74 87
                                    


Lisa's pov.

හැම ආදර කතාවක්ම එක වගේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හැම ආදර කතාවක්ම එක වගේ නෑ.

සමහර ආදර කතා හරිම සාමන්‍ය විදියට ලස්සනට ලියැවෙද්දි...තවත් කතා තියෙනවා අසාමාන්‍ය ප්‍රශ්න ගොන්නක් මැද්දේ ලියැවෙන.

මගෙයි ජන්ග්කුක්ගෙයි ආදර කතාව...

නෑ ඒක ආදර කතාවක් වුනේ මගේ පැත්තෙන් විතරයි. මම ඒ බොළඳ ආදරේ නිසා ජීවිතේ වැදගත්ම දේවල් නැති කරගන්න ගිය කෙනෙක්.

අවුරුදු 16ක මනස හරියට වර්ධනය නොවුනු කාලේ ආදරය ගැන හිතන්න ගිහින් මට ඒ අවුරුද්දේ අවසානයේ තිබුනු විභාගයට හොඳ රිසාල්ට් එකක් ගන්න බැරි වෙන්න තිබ්බා.

හැබැයි මන් ගොඩාක් ආදරේ කරපු ජන්ග්කුක් ඒ වගේම මට සහෝදරයෙක් වගේ හිටිය ටේහ්‍යුන්ග් ඒ ටික කාලෙට එයලාගේ හරි ස්වරූපය මට පෙන්නුව නිසා වැඩියම පරක්කු නොවී මට හරි දේ තේරුම් ගන්න පුළුවන් වුනා.

V කියන්නේ බොරුකාරයෙක්. සෙල්ලක්කාරයෙක්. එතකොට ජන්ග්කුක්?

එයාව මට තේරුම් ගන්න බෑ. ඒත් එයත් ටේහ්‍යුන්ග් ගැන එච්චර අහද්දි මට කිසි දෙයක් කිව්ව නැති එකෙනුයි මාව හැමතිස්සෙම ප්‍රෑන්ක් කරනවා කිය කිය ආදරේ කියන දේ විහිළුවකට ගත්ත එකෙනුයි ඇමෙරිකා ගිය ගමන් රාජකාරි ගොඩාක් තියෙන එයාගේ අප්පා තරමටම බිසී වුන එකෙනුයි මට හිතුනා එයා කරන්නෙත් සෙල්ලමක් කියලා. එයාගේ යාළුවා වගේම එයා සෙල්ලම් කරනවා කියලා.

ජන්ග්කුක් ඇමෙරිකා ගිහින් ටික ටික වෙනස් වෙන්න ගනිද්දි මම එයා ගැන හිත හිත මගේ කාලය කාලා දාන්න තරම් මෝඩ වුනේ ඇයි කියලා තාමත් තේරෙන්නෙ නෑ.

මොනා වුනත් මේ දේවල් මෙහෙම ඉවර වුනු එක හොඳයි කියලා හිත වගේම මොළය කිව්වා. තීරණය හරි නිසා වෙන්න ඕනේ ඒ සැරේ හිතත් මොළයත් එකම දේට එකඟ වුනේ.

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now