4.අමුතු මෙව්වා එක

321 94 54
                                    

Lisa's pov.

මායි ජෙනීයි මහ හයියෙන් සත්තුන්ගේ නම් කිය කිය උඩ පැන පැන බෙන්ච් එක පැත්තට යද්දී එක පාරටම මන් දැක්කේ...
































































කොල්ලෙක්

හැබැයි වෙනදට පිරිමි ලමයෙක් දැක්කම ලැජ්ජාවෙන් ඔලුව පාත් කරන් යන මම එදා එයා දිහා හොඳට බලන් හිටියා.

එතකොටම තමයි එයා මගේ දිහා බලලා පැණි හිනාවක් දැම්මේ. මගේ heart එක එදා කවදාවත් නැති තරම් වේගෙන් ගැහෙන්න ගත්තා ❤. ඒක හරිම අමුතු මෙව්වා එකක්.

(A/N මන් ඉතින් ඇහුවා කොව්වා එකක් ද කියලා...මෙව්වා එකක් කියලා කිව්වේ ඒ දැනුනු දේ විස්තර කරන්න තේරෙන්නෙ නැති නිසාලු.🙂😂)

මන් වශී වුනේ එයාගෙ ලස්සනට. හැබැයි ඒක නිකන් kdrama එකක actor ව මුලින්ම දැක්කම වශී වුනා වගේ එකක් නෙවෙයි.මන් මෙහෙම වෙනම ලෝකෙක ඉන්නකොට තමයි J මාව පෘථිවියට ආයි ගෙන්න ගත්තේ.

"...Lizz? මොකද යකූ ඔය?"

"ආහ්...ඕ..මේ...ඉන්න ඉන්න එනවා."

"මොකක්ද වුනේ? කියන්න එපා faint වෙන්න වගේ කියලා."

"නෑ නෑ අයියෝ...පස්සෙ කියන්නම්. දැන් ක්ලාස් එකට යමුකෝ."

මම ක්ලාස් එක පුරාම එයාව හෙව්වා. ඒත් හිටියේ නෑ.ඒ මට විතරක් පෙනුන දෙවියෙක්වත්ද කියලත් හිතුනා මට.

කොහොමහරි ක්ලාස් ඉවර වුන ගමන්ම මට වුනෙ මොකක්ද කියලා J ට කිව්වා.

"අඩේ ඕකට කියන්නෙ love at first sight කියලා. ඇඟ ඇතුලෙන් current එකක් ගියා වගේ දැනුනා නෙහ්?"

(J අනිත් හැමදේටම බබා හැබැයි මේවට නෑ😂🙂)

"ඔව් ඔව් අනේ ඒ වුනාට ඒක ඒම එකක් නෙවෙයි ඒයි. ඒ මෙව්වා එක හරි මෙව්ව වුනට ඔය love මොකක්වත් නෙවෙයි."

"පිස්සු ඒක තමයි හලෝ ඒ...ඉතින් ඉතින් ඔයාට හිතෙන්නෙ ඒ පෘථිවියට ගොඩබැහැපු දෙවියෙක් කියලද? එතකොට ඌ ඔයත් එක්ක හිනා වෙලා ආයි දෙව්ලොවට චුත වුනා?"

මට J කතා කරන දේවල් ඇහුනාට උත්තර දෙන්න සිහියක් තිබ්බෙ නෑ. එයා අපි ගාවින්ම ආයි යද්දි මන් J ව හොලවලා හොලවලා...

"අන්න අරයා තමයි...එයා දෙවියෙක් නෙවෙයි වෙන ක්ලාස් එකකට ආව මිනිස් පැටියෙක්."

"හම්මේ වශී වෙන්නේ නැද්ද ඉතිම් මේ පිං පාට මූණ දැක්කම. ඒත් මෙහ් ලව් කියන්නේ මල ඉලව් කියල අපෙ අයියා හැමතිස්සෙම කියනවා. ඒ නිසා ඕවට මෙව්ව වෙනවා එහෙම නෙවෙයි."

"ඔව් ඇත්ත. මට ඕවා තේරෙන්නෙත් නෑ. හැබැයි මෙයා හරී සෝයි පාටයි නේ.  අනේ ආයි මොකක්ද වෙනවා heart එකට..."

"මෙන්න මෙහෙ වර...අද ඇවිදින්න ඕනේ නෑ. අපි ඕගොල්ලොන්ගේ ගෙදර ගිහින් අපේ අම්මා එනකම් Frozen බලමු.අද මන් කොහොමත් නවතින්න බලාගෙන නෙහ් ආවේ."

(J අපේ අම්මා කිව්වේ ලීසාගෙ අම්මට ඒ දෙන්න හැමදේම share කරගන්නවලු🙂)

"මේ මේ මගෙ අම්මවත් බලෙන්ම අපේ අම්මා කරගත්ත වගේ අරයව 'අපේ' කරගන්න නම් හිතන්නවත් එපා හොඳේ ."

"ඊයා මට ඕනෙත් නෑ. යමු යමු ගිහින් ඔයාගෙ instagram account එක එහෙම බලලා...දෙවියා ගැන ඕනි නම් කතා කරලා...frozen බලමු."

"දෙවියගේ ඇත්ත නම මොකක්ද දන්නෙ නෑ."

"දන්නෙ නෑ. දැන්වත් යමුද."

"යනවා යන්න...මන් මොනාහරි කිව්වොත් තමයි මෙයාට යන්න හදිස්සී."

මම එහෙම කියාගෙන ඉස්සරහට ඇවිදන් ගියා. J ත් පිටිපස්සෙන් දුවගෙන මගේ කරේ එල්ලුනා. අපි දෙන්නා සුපුරුදු පරිදි පිස්සෝ දෙන්නෙක් වගේ සින්දු කිය කියම ගෙදර ගියා.

..............................................................

හායි මම ඕතර් 🙂

මෙන්න මෙයාව තමයි ලීසා දැක්කේ....





















































Kookie ව බලාපොරොත්තු වුනාද 😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kookie ව බලාපොරොත්තු වුනාද 😂

නෑ නෑ එයා තාම කතාවට එන්ටර් වුනේ නෑ.

මෙයා තමයි දෙවියා නොහොත් Soo-hyun😜

එයා ගැන වැඩි විස්තර පස්සේ කියන්නම් 🙃

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now