21. නරක කාලේ 📱🔋

200 71 42
                                    


"ඔම්මා මෙයාටත් instagram තියෙනවා. මේ notifications තියෙනවා 10ක් 20ක්!...."


ලීසාට එතකොට තමයි තේරුනේ ජෙනීට වුනු දේ ගැනත් එයාලා දන්නවා කියලා. ඒත් එයාව ඒ දවස්වල ප්‍රශ්න කලේ නැත්තේ ඇයි කියලා එයාට හිතාගන්න බැරි වුනා. එහෙම නොකරන්න හේතුව එයාට ගොඩාක් කාලෙකට පස්සෙයි තේරුනේ.😥

"තමුසෙත් එක එක උන් එක්ක චැට් කලාද?" Eun-woo අහද්දි☠

"මොකටද එපා කියන දේවල් කලේ තමුන්? නිදහස දීලා වැඩි නිසාද මෙහෙම කරන්නේ?" අම්මත් ලීසාට බනින්න ගත්තා🙂. ලීසා ගොළු වෙලා හිටියේ. එයාගේ ළඟට ඉක්මනට ගිහින් එයාගෙ අතින් ජෙනී තද කරලා අල්ලගත්තා.🥺

"Lizzy ඇත්ත කියන්න. ඇත්ත කිව්වම මේක ඉවරයි.ඇයි එපා කියද්දි මෙහෙම කලේ?"  ඒ වතාවේ eun-woo ඒක ඇහුවේ කෑගහල ප්‍රශ්න විසඳන්න බෑ කියලා හිතිලා.🙂

"නිකන්...හදලා බලන්න හිතුනා." ලීසා කිව්වේ ජෙනී ගේ අත තවත් තදින් අල්ලගන්න ගමන්.😞

"නිකන් කියන එකනම් පිලිගන්න බෑ. කාත් එක්ක හරි චැට් කලාද?"🤨

ලීසා ආයි හිතන්න පටන් ගත්තා. එයා 'නෑ කිව්වොත් phone එක eun-woo අතේ තියෙන නිසා ඇත්තද කියලා check කරයි. ඔව් කිව්වොත් ඒත් එහෙම බලලා JK ටත් V ට බැන්න වගේ බනියි.' කියලා එයාට හිතෙන්න ගත්තා.😥

ඇත්ත කියන්න කියද්දි බොරු කියන එක මෝඩකමක් නිසා.

"ඔව්" කිව්වා

"කාත් එක්කද?"

ලීසාගේ සද්දයක් නෑ.එයා බය වුනා පිරිමි ළමයි එක්ක කතා කලා කියලා බැනුම් අහන්න වෙයි කියලා. මැසේජ් බැලුවොත් එයාල ගැන කිව්වේ නැත්තේ බය වුනු නිසා කියලා කියන්න එයා හිතාගත්තා.😪

"එච්චරයි?"

"මට ඕකත් කිව්වා Kate. එයාගේ දුව දැක්කා කියලා මෙයා කාත් එක්කද චැට් කරනවා. පිට මිනිස්සු තමයි අපිට ගෙදර උන්ගේ හපන්කම් කියන්නේ. මම ඒ මනුස්සයාට දොස් කිව්වත් එක්ක මගේ දුව ඒ වගේ වැඩවලට සම්බන්ධ නෑ. ඉගෙනගන්න කාලේ ඉගෙන ගන්න එකයි කරන්නේ කියලා."😑

ලීසාගෙන් සද්දයක් නෑ. බිම බලාගෙනම මුලු වෙලාවෙම හිටියා. ඒ අතරේ eun-woo ආයි ඇහුවා එච්චරයි ද? කියලා.🙂

ලීසා ඔලුව වැනුවා.

"මට තමුසෙගේ චැට්ස් කියවන්න පුලුවන් ඒත් මම එහෙම කරන්නෙ නෑ. මතක තියාගනින් තමුසෙ ගැන තියෙන විශ්වාසේ නිසයි එහෙම කරන්නේ කියලා."

ඒත් එක්කම eun-woo phone එක off කරලා දාලා අම්මා අතට ඒක දුන්නා.

අයියාගේ තියෙන අමුතු quality එක ලීසාට ඒ වෙලාවෙ පෙනුනේ නෑ. එයා නොදැනුවත්වම eun-woo රවාගෙන හිටියේ.

"ඔම්මා phone ඕනේ නෑ මේ වගෙ එවුන්ට. මෙච්චර රකින්න ඕනේ නෑ නේ ඔම්මා එයාට ඕන ඕන දේවල් නම් කරන්නේ. මේ phone එක මෙහෙම තිබුනු දෙන්." ඒක කියලා ඉවර වෙද්දි තමයි ලීසාගේ මූණ දැක්කේ එයා.😐

ඊළඟ මොහොතේදි ලීසා හිටියේ මහ හයියෙන් අඬ අඬ හුස්ම ගන්න උත්සාහ කරමින්. Eun-woo ගැහුවේ පිටට එක පාරයි ඒත් ඒක ලීසාට දරාගන්න අමාරු වුනා ඒ එයාගෙ අයියා එයාට එච්චර සැරට ගැහුව පළවෙනි වතාව.😭

ජෙනීයි ලීසායි හිටිය තැනම බිම ඉඳගෙන ඇඬුවා. ඒක ගනන් නොගත්තා වගේ Eun-wooයි අම්මයි එතනින් යන්න ගියා.ඇත්තටම eun-woo අම්මා ළඟ ඉඳන්  ගොඩක් ඇඬුවා නංගිට ගහන්න වුනු නිසා.😶

Eun-woo විනාඩි කීපෙකින් Jisoo ලා එක්ක එළියට ගියා. අම්මා නම් කාමරෙන් එළියට වත් ආවේ නෑ. පැය දෙකකට විතර පස්සේ ගැහැනු ළමයි දෙන්නා එතනින් නැගිටලා කාමරේට ගියා. එදා ඉඳන් ඒ දෙන්නගේ ජීවිත කලින් තිබ්බා වගේ වුනේ නෑ.🙂


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






............................................................................

ඇත්ත කතාව මීට වඩා ටිකක් වෙනස් බව කරුණාවෙන් සලකන්න.😶




𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now