36. හා හා හරි හාවා 🐇

238 71 65
                                    

මන් මේ අමාරුවෙන් දාන සිංදුත් අහන්න හොඳේ 🌚

Lisa's pov.

"ඔම්මා!" මම ඔම්මාට කතා කරන ගමන්ම ඔම්මාගේ කාමරේ පැත්තට දුවන්න ගත්තේ එයා මගේ නම හයියෙන් කියනවා ඇහිලා. යද්දි මම දැක්කේ හරිම අමාරුවෙන් බඩත් අල්ලගෙන බිමට පාත් වෙලා ඉන්න මගේ ඔම්මාව.

මම ඔම්මා ළඟට දුවද්දි ජෙනී අනිත් පැත්තට දිව්වේ ඔප්පාට කෝල් කරන්න. මගේ උදව්වෙන් කොහොමහරි අමාරුවෙන් නැගිටලා එහෙම්මම ඔම්මා බාත්රූම් එකට ගියේ vomit කරන්න ඕනේ කියාගෙන.

ආයිමත් එද්දි කලින්ට වඩා සහනයකින් හිටියා වගේ පෙනුනට ඔම්මට කෙලින් හිටගෙන ඉන්නවත් පණ තිබ්බේ නෑ. මායි ජෙනීයි දෙන්නම ඔම්මාව සෝෆා එකෙන් වාඩි කරවලා ඔප්පා එනකම් ඔම්මාව බලාගත්තේ වෙන කරන්න දෙයක් දන්නෙ නැතුව.

ඔප්පා පුළුවන් ඉක්මනින් ගෙදර ආවා. තනියෙම නෙවෙයි ජිමින් ඔප්පාත් එක්ක. ඉක්මනටම ජිමින් ඔප්පාගේ වාහනේට දාගෙන ඔම්මාව හොස්පිටල් එකකට ගෙනිච්චා. ඒ වෙද්දි ඔම්මා කලින්ට වඩා හොඳ තත්ත්වක හිටියේ.

ඔප්පා ඔම්මාව අරගෙන ඩොක්ටර් ගාවට ගියා. මායි ජෙනීයි ජිමින් ඔප්පායි හිටියේ එළියෙන් වෙන්නේ මොනාද කියලා තේරුම ගන්න බැරුව ඉන්න ඉන්න තැන්වල ගල් වෙලා.

"ජිමින් මොකක්ද එයාට වෙලා තියෙන්නෙ? කෝ එයා?"

ඒ ආවේ Choi-sim aunty.

(ජෙනීගේ අම්මා මතකද දන්නෙ නෑ නම...මම හොයාගත්තෙත් හෙන අමාරුවෙන් 🙂)

එයාව දැක්ක ගමන් මායි ජෙනීයි දෙන්නම දුවලා ගිහින් එයාව හයියෙන් හග් කලේ හොඳටම අඬන ගමන්.

පැය එකහමාරකට විතර පස්සේ ඔම්මායි ඔප්පායි හෙමින් හෙමින් අපි ඉන්න තැනට ආවා.

" Eun-woo?" ආන්ටි ඔප්පාගේ නම කිව්වේ හැමදෙයක්ම කියන්න කියලා අඟවමින්.

"ඒක ලොකු දෙයක් නෙවෙයි. ඇයි මේ චූටි බබාල අඬන්නේ?" ඔම්මා හිනා වෙවී ඇහුවා.

"අපිව බය කරලා දැන් ඔයා හිනා වෙනවද? හරි ශෝක්." ජිමින් ඔප්පා කිව්වේ විහිළුවට වගේ.

"කියන්නකෝ ඉතින් මොකක්ද වුනේ කියලා."

"දැන් ස්කෑන් එකක් කරන්න යැව්වා ඔම්මාව ඒකයි වෙලා ගියේ. Kidney එකේ කැල්සියම් ඔක්සලේට් ද මොනාද මගුලක් stones වගේ හැදිලා ලු. Surgery කරලා ලු අයින් කරන්න ඕනේ. දැන් මේ හිනා වෙවී ඉන්නේ pain killers දුන්න නිසා. බලන්න ආන්ටි මේකට ප්‍රධානම හේතුව වතුර අඩුවෙන් බොන එකලු. අපිට ලොකු වතුර බෝතලයක් අරන් යන්න හැමතිස්සෙම වතුර බොන්න කිව්වාට ඔම්මා ඒක කරලා නෑ." ඔප්පා කියාගෙන කියාගෙන ගියේ තරහෙන් වගේම දුකෙන්.

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now