37. Goodbye ❤

215 72 69
                                    

මේක අහන්න ❤

"To be young and in love in New York city" 🎶

ජේකේ ගිටාර් එක ලස්සනට වාදනය කරන ගමන් සිංදුව මුමුනන්න ගත්තා.

"හයියෙන් හයියෙන්." ජින් කෑ ගැහුවේ ට්‍රයිපොඩ් එකට සෙට් කරලා තිබ්බ ෆෝන් එක දිහාම බලාගෙන.

"පොඩ්ඩක් ඉන්න හ්‍යුන්ග්...මම තාම ප්‍රැක්ටිස් වෙනවා." ජේකේ එක අතකින් සංඥා කරමින් කිව්වා.

JK's pov.

මම හිතුව විදියට mall එකට ගිහින් පස්සෙ දවසේ මගේ අදහස ක්‍රියාත්මක කරන්න බැරි වුනේ ඩෑඩ්ට ඒ සතියම ෆ්‍රී වුන නිසා.

මාම්වයි මාවයි එළියට ගෙනියන්න ඕනේ කියලා එයා කිව්ව නිසා මම ඒ වැඩේ ටික දවසකට කල් දැම්මා.

ලීසාට එදා උදෙන්ම හායි කියලා මැසේජ් එකක් දැම්මම තමයි මම දැනගත්තේ එයාගේ මාම් ට අසනීප වෙලා කියලා. මම අවංකවම ඒ ගැන දුක් වුනාට මට හරියට ඒකට ප්‍රතිචාර දක්වන්න තේරුනේ නෑ. මැසේජ් කරද්දි මට ඒ වගේ දේවල් නොතේරුනාට ළඟ හිටියානම් එයා එක්ක අනිවාර්යයෙන්ම මම ඒ දුක බෙදාගන්නවා.

එයා ඊළඟට මොකුත්ම නොකියා මට කිව්වා එයාට term test පටන් ගන්නවා ඒ නිසා වැඩිය චැට් කරන්න බෑ කියලා. ඒ කිව්ව විදිය අමුතුයි වුනාට මාත් ඒ දවස්වල බිසී වෙලා හිටිය නිසා එහෙම වුන එකත් හොඳයි කියලයි මම හිතුවේ.

ඒත් ඇත්තටම ඒකෙන් වුනේ නරකක්. අපි දෙන්නා හරියට කතා කලේම නෑ. මම ඒ ගැන වැඩියම worry වුනේ නැත්තේ මම කරන්න යන වැඩේ කලාම ඔය ඔක්කොම හරි යයි කියලා ලොකු විශ්වාසයක් තිබ්බ නිසා.

මම එදා ගිය mall එකේ outdoor restaurant එකේ ලස්සනම තැන තෝරගත්තේ ඒ වැඩේට. ටික දවසකට කල් දැම්මා කිව්වට ඒක මට කරන්න වුනේ ප්ලෑන් කරපු දවසට වඩා දවස් දාහතරක් පරක්කු වෙලා.

ඒ මුළු සති දෙකම එහෙ මෙහෙ ගිය නිසා මට ලීසාට උදේට good morning රෑට good night  කියන්න විතරයි පුළුවන් වුනේ.

එයා නම් එක එක විස්තර කියලා තිබ්බා. ඒත් ඒ මැසේජ් හරි දිගයි නිසා මහන්සි වෙලා ගෙදර ආවම ඒවා කියවන්නවත් මට බැරි වුනා.

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now