25.දෛවයේ සරදම් 😂

216 73 73
                                    

Lisa's pov.

Voice training class එකට අම්මා මාව යවන්න පටන් ගත්තේ මාර්තු මාසේ ඉඳන්🌚. ඒක තිබ්බේ සිකුරාද රෑ 6 ඉඳන් 7.30 වෙනකම්. මාත් එක්ක ජෙනීත් ආවා😁.

සුභ මොහොතින් ක්ලාස් යන්න හිටියට සාර්ථක ලෙස අපි දෙන්නා එදා ක්ලාස් එකට පරක්කු වුනා🥲. හේතුව අපි ජීවිතේට ගිහින් නැති institute එකක් ඒක. ඔම්මාට ඇතුළට එන්න දුන්නෙත් නැති නිසා අපි දෙන්නට ඒ මිශන් එකට තනියෙම තමයි මුහුණ දෙන්න වුනේ. 🙂

(ඇත්ත කතාව තමයි ලීසා මේකට මූන දුන්නේ තනියම 😂😭 ඒත් මම ජෙනීව ඇඩ් කලා.)

අපි එතන හිටිය receptionistගෙන් කොහෙද අපේ ක්ලාස් එක ඇහුවම,

"තුන්වෙනි තට්ටුවට ගිහින් දකුණට හැරෙන්න එතනින් ආයි corridor එක දිගේ ගියාම ක්ලාස් තුනක් තියෙනවා...ඒකෙන් කොනේම ක්ලාස් එකට යන්න."

ශීඝ්‍රගාමි දුම්රියක් වගේ කියාගෙන කියාගෙන ගිය කිසි දෙයක් අපි දෙන්නට තේරුනේ නම් නෑ😵‍💫. මායි ජෙනීයි මූණට මූණ බලාගත්තේ ඒ නිසා. ආයි යන විදිය අහන්න හිතෙන විදියේ මූනකුත් නෙවෙයි ඒ මනුස්සයාට තිබ්බේ💀. ඉතින් අපි දෙන්නා කිව්ව ඔක්කොම තේරුණා වගේ තැන්ක් යූ කියලා පඩිපෙළ නැග්ගා. Elevator භීතිකාවක් අපි දෙන්නටම තියෙන නිසා තමයි තට්ටු තුනක්ම පඩිපෙළෙන් නැග්ගේ. 👽

අපි තට්ටු ගාන ගනන් කර කර නැග්ගම අපි තුන්වෙනි තට්ටුව කියලා හිතුව එකේ මොනවත් තිබ්බේ නෑ🤡. බලද්දි ඒක staff එකේ අයට විතරක් තියෙන තට්ටුව. අපි දෙන්නා හිමීට පඩිපෙළ බහිද්දි එතන අපි වගේ දෙකක් උස මහත කොල්ලො සෙට් එකක්🥶,

"ආහ් නංගි උඩ තට්ටුව බලන්න ගියා වගේ." කියලා හිනා වුනා😮‍💨. අපි දෙන්නා ලැජ්ජාවෙන් මෙව්ව වෙලා ආයි පල්ලෙහාට බැස්සා. ඊට පස්සේ තමයි මතක් වුනේ අර කොල්ලො සෙට් එක හිටිය තට්ටුවමයි තුන්වෙනි තට්ටුව කියලා🤦‍♀️.

ආයි දෙවෙනි තට්ටුවේ ඉඳන් තුන්වෙනි තට්ටුවට ගියා. ඒ වෙද්දි අර යෝධ සේනාව හිටියේ නෑ. ඒත් නැගලා බැහැලාම අපි දෙන්නට හති🤧. අපි එතනම ඉඳන් ටිකක් වට පිට බැලුවම මම දැක්කා අපේ school අක්කලා ටිකක් මහා හයියෙන් හිනා වෙවී ඉන්නවා😅.

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now