chapter 01

459 87 95
                                    

You don't know what you did, did to me..
Your body lightweight speaks to me..

~~~~~~~~~~

මිරර් ටේබල් එක මත තිබුණ මිලාධිකම රන්වන් පැහැති රොලෙක්ස් අත් ඔරලෝසුව, ධනපතිවාදී ලක්ෂණ පෙන්නලා දුන්නා. ඝන ලී වලින් නිමවලා තිබුණ විශාල ඇද, ඇඳුම් අල්මාරිය, කෙටි සහ දිගු මේස, සපත්තු රඳවනය, ඇඳුම් රඳවනය සහ හැමදේම ඒ කාමරයට පෞරාණික බවකට වඩා පෝසත් බවක් ගෙනල්ලා දීලා තිබුණා.

ප්‍රංශ සම්භවයක් එක් වුණ ලුවී විතෝන් ඇඳුම් කට්ටලයකින් සැරසුණ කඩවසම් උස තරුණයෙක් රොලෙක්ස් අත් ඔරලෝසුව පැලැඳගන්න ගමන් කැඩපතට එබුණා.

පැත්තෙන් ඉරක් බෙදලා පස්සට වෙන්න ජෙල් කරලා හදලා තිබුන කොණ්ඩය ඇත්තටම මැදින් එක රැල්ලක් වැටෙනවට වඩා කඩවසම් වගේම වැදගත් බවක් ඔහුට ගෙනල්ලා දුන්නා. ඔහුට තිබුණෙ තද දුඹුරු පාට විනිවිද පෙනෙන දෙනෙත්..

ඔහු ඉක්මනින් පහළ මාලයට ආවා.

" මම්, ඩෑඩ්.. මම යනවා.."

කොහෙදෝ ඉඳන් මතු වුණ කරුණාවන්ත මැදි වියේ කාන්තාවක් ලස්සනට හිනා වුණා.

" ඩෑඩ් අදත් ඉක්මනින් ගියා සන්, ඒ වුණත් එයා ඔයාට සුබ පැතුවා. ඒ වගේම මගෙනුත් ඔයාට සුභ පැතුම්.. අපිට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.."

" ස්තූතියි මම්, මට පරක්කු වෙනවා.. මම යන්නම් එහෙනම්.."

මහල් තුනක් උස පෞරාණික විශාල නිවසෙන් ඉක්මනින් එළියට ආපු තරුණයා තමන්ගෙ රියැදුරා විවෘත කරලා දුන්න දොරෙන් සුඛෝපභෝගී කැබ් රථයට ගොඩ වුණා.

" ගුඩ් මෝනින් සර්.."

රියදුරා ජේසන් කැබ් රථයට ගොඩ වෙලා සුභපැතුවා. තරුනයා සුභ නොපතම හිස සෙලෙව්වා.

ඉක්මන් ගමනින් ගමනාන්තයට ළගා වුණ තරුණයා උත්සව ශාලාවට ආවෙ මහ ගොඩක් ඝෝශාව මැද්දෙ.. තරුණයා එතන රැස්වෙලා හිටපු හැමෝටම වගේ කඩවසම් හිනාවකින් සංග්‍රහ කළා.. උත්සවයෙ හිටියෙ ගොඩක් පෝසත් මිනිස්සු. එයාලා ඇඳගෙන හිටියෙ ගොඩක් ඉහළම බ්‍රෑන්ඩ්ස් වල ඇඳුම් වෙද්දි මේස උඩ සංග්‍රහ කරන්න තිබුණ වයින් වර්'ග, ශැම්පේන්, වොඩ්කා වගේම ලිකර් හැමදෙයක්ම මිලාධිකම දේවල් වුණා..

anola ✔️Where stories live. Discover now