chapter 08

247 59 39
                                    

I'm locked up in love
I'll say the words
you always made me

~~~~~~~~~~


ඉස්ලා අනෝලා දිහා බලාගෙන හිටියා. දැන් පැයක වගේ වෙලාවක් තිස්සෙ ඉඳන් රාත්‍රී ආහාරය ගන්න අනෝලට කීවත් ඇය බෙඩ් එකෙන් හෙලවෙන්නවත් කැමති වුණේ නෑ. ඇය මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියන්න ඉස්ලා දැනගෙන හිටියත් ඉස්ලට ඒ වෙනුවෙන් කියන්න දෙයක් තිබුණෙ නෑ.

තේහ්‍යුන් කිම් ගොඩක් නරක කෙනෙක් නොවුණත් ඔහු තමන්ගෙ ජීවිතේ ගැන ගොඩක් සැහැල්ලුවෙන් හිතුවා.. ඔහු කවමදාවත් කිසිම කෙනෙක් වගේම කිසිම දෙයක් ලගට ගන්න බය වුණේ නෑ.. මොකද ඔහුට ලොකු හැකියාවක් තිබුනා ඒ දේවල් වැඩක් නැති වෙද්දි අත ඇරලා දාන්න.. තේහ්‍යුන් කියන්නෙ තවමත් අදුන ගන්න බැරි වුණ හරිම අමුතු චරිතයක්..

ඉස්ලා අන්තිමේදී අනෝලගෙ රාත්‍රී ආහාරය රූම් එකට අරගෙන එන්න තීරණය කළා..

" අනෝලා නැගිටින්න බේබි.. කාල නිදාගන්න.. ඔයා හෙටත් ප්‍රැක්ටිස් කරන්න ඕනිනෙ..!"

ඉස්ලා ගොඩක් ආදරෙන් එහෙම කිව්වා.. 'බේබි' කියන වචනෙ අනෝලට ගොඩක් මිස් වෙලා තිබුණා.. ඒ වුනත් ඇයට ඕනි කලේ තේහ්‍යුන් තමන්ට ඒ විදිහට කතා කරනවා දකින්න.. අනෝලා රාත්‍රී ආහාරය ප්‍රතික්ශේප කලා කියලා දැනගෙන හිටියත් ඉස්ලා දැනගෙන හිටියෙ නෑ අනෝලා බ්ලැන්කට් එක යටට වෙලා ඇඩුවා කියන්න..

ඉස්ලාට රෑ වෙන්න කලින් අපාට්මන්ට් කරන්න තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තිබුණා.. ඒ නිසා ඕනිවට වඩා වෙලාවක් අනෝලා වෙනුවෙන් රැඳෙන්න එයාට පුලුවන් වුණේ නැහැ.. ඇය එහෙමම පහල ෆ්ලෝ' එකට ආවා.. එයා දැක්කා තේහ්‍යුන් ඒ වෙද්දි ඩිනර් එක අරන් ඉවර වෙලා තිබුණා කියලා..

තේහ්‍යුන් ඉස්ලා දිහා බැලුවා. ඉස්ලගෙ බැළ්මෙන්ම තේහ්‍යුන්ට තේරුණා තාමත් අනෝලා ආහාර අරගෙන නෑ කියන්න.. ඒ වෙද්දිත් රතු වෙලා තිබුණ තේහ්‍යුන්ගෙ ඇස් ඉස්ලව බය කළා.. ඉස්ලා දැනන් හිටියෙ නෑ තමන්ගෙ මාස්ටර්'ගෙ ඇස් රතු වෙලා තිබුණෙ කේන්තියට ද එහෙම නැත්නම් දුකට ද කියන්න.. හොඳම දේ වුණේ තමන්ගෙ ඇස් රතු වෙලා තියන්නෙ මොන හැගීමකටද කියන්න තේහ්‍යුන් පවා නොදැන හිටපු එක..

anola ✔️Where stories live. Discover now