chapter 09

238 61 62
                                    

Holding back tears at night is your life
I'll pretend I don't know

~~~~~~~~~~

" හේයි ගුඩ් මෝනින්.."

" ඔහ්..!! ගුඩ් මෝනින් සිස්.. අද මම නැතුව නැගිටලා.. මොකද මේ..?"

බෙඩ් ටී එක අරගෙන අනෝලගෙ රූම් එකට ආපු ඉස්ලා අනෝලගෙ කම්මුලට කිස් එකක් දීලා ජනෙල් වල තිර රෙදි ඈත් කලා.. ඒ වෙද්දිත් උදේ හතට වෙලා තිබුණා..

" මට අද ඇහැරුණා ඉස්ලා.. සෝ.. තැන්ක් යූ.."

" දවස් කීයක් ළගට ටී එක ගෙනත් දුන්නද..? යන්තම් අද පුලුවන් වුණා තැන්ක් යූ එකක් අහගන්න.."

ඉස්ලා ඉන පද්දලා ගැස්සුවා.. ඉස්ලා පිරිමි කෙනෙක් වුණත් සම්පූර්'ණයෙන්ම වගේ එයා ෆෙම් බෝයි කෙනෙක් විදිහට වෙනස් වෙලා තිබුණා.. අනෝලා ආසම කලේ ඉස්ලගෙ පෞර්'ශයට.. මොකද දහසක් මිනිස්සු ෆෙමිනින් බෝයිස්ලව ප්‍රතික්ශේප කරද්දි පවා ඉස්ලා කවදාවත් මහන්සි වුණේ නෑ තමන්ගෙ දේවල් හන්ග ගෙන වෙනස් කරන්න..

" එහෙනම් පහලට එන්න සිස් රෙඩි වෙලා.. මන් යනවා බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරන්න.. කවුද දන්නෙ මාස්ටර් උදේම විලන් වෙලාද කියන්න.."

ඉස්ලා ෆ්ලයින් කිස් එකකුත් පා කරලා එළියට යද්දි අනෝලා හයියෙන් හිනාවුණා.. ඉක්මනින් වොශ් එකක් දාගෙන රෙඩි වුණ අනෝලා පහළට ආවා.. ඒ වෙද්දිත් තේහ්‍යුන් ඩයිනින් ටේබල් එකේ වාඩිවෙලා හිටියා..

" ගුඩ් මෝනින් කෝච්.."

" ගුඩ් මෝනින්.."

කවුරුත්ම කලින් රාත්‍රියේ මොනවත්ම වුනේ නැති ගානට හැසිරුණා.. අනෝලට ඒ දේ අමාරු වුණත් ඇය ඉක්මනින් තේරුම් ගත්තා ඒ වගේ දේවල් තේහ්‍යුන් ළග ඉන්න මිනිස්සුන්ට සාමාන්‍යයි කියලා.. ඒ නිසා අනෝලත් පුලුවන් උපරිම උත්සාහ කලා සාමාන්‍ය විදිහට හැසිරෙන්න.. But Taehyung's tongue...

Holding back tears at night is your life
I'll pretend I don't know

~~~~~~~~~~

කලින් දවසෙ වගේම තේහ්‍යුන් ඉක්මනින් ස්ටුඩියෝ එකට ගියා.. ඒ ගැන අනෝලට දුක හිතුනා.. ඇත්තටම අනෝලාට තේහ්‍යුන් වෙනුවෙන් ෆීලින්ග්ස් එන්න පටන් අරගෙන තිබුණා.. ඒත් තේහ්‍යුන් කියන්නෙ කවමදාවත් ඔහුගෙ ජීවිතේ ලව් සයිඩ් එකට බර වුණ කෙනෙක් නෙවෙයි.. Loving and feelings ඔහු දැක්කෙ විකාර විදිහට..

anola ✔️Where stories live. Discover now