chapter 42

122 29 5
                                    

The one waiting to board wasn't me after all
Tears in my heart, I know that even after I land
Our timelines are in parallel...



whole chapter is DEDICATED TO YOONGI MIN, one of the powerful character in the story line

~~~~~~~~~~


අනිත් දවස් වල පැරිස් වලට ආවම බුක් කරන හොටෙල් වලට වඩා වෙනස් හොටෙල් එකක් තේහ්‍යුන්ගෙ ඕ'ගනයිසින් කෲ එක තේහ්‍යුන්ග් වෙනුවෙන් බුක් කරලා තිබුනෙ ෆැශන් ශෝ එක හොස්ට් කරපු Carrousel du Louvre ශොපින්ග් මෝල් එකට අඩුම දුරක් තියන විදිහට. ජේ හෝප්ගෙ අපාට්මන්ට් එකටත් ලොකු දුරක් තිබුන නිසා කෲ එකට එතන නවතින්න පුලුවන් කමක් තිබුනෙත් නෑ.

කොන්සට්ස් වලට වගේම විවිධ වැඩ වලට ෆ්‍රාන්ස් වලට ඇවිත් තිබුනත් මේ වතාවෙ අනෝලා හිටියෙ ගොඩක් සතුටින් වගේම එක්සයිට්මන්ට් එකක. මොකද රනවේ එකක් කියන්නෙ එයා කවමදාවත් අත් විඳලා තිබුනෙ නැති එක්ස්පීරියන්ස් එකක්.

තේහ්‍යුන්ග් අනෝලගෙ සතුට දැකලා සතුටු වුණා. අනෝලා එයාගෙ ඉමිටේටින් ආටිස්ට් ලයිෆ් එකේදි ගොඩක් දුක් වින්දා වගේම මහන්සි වුනා කියන්න තේහ්‍යුන්ග් දැනගෙන හිටියා. Hard work pays off කියන කෝට් එක තේහ්‍යුන්ග් ගොඩක් දුරට කෙයා කලේ නැති වුනත් ඒක අනෝලට ගොඩක් ලස්සනට ඇප්ලයි වෙන විදිහ දැකලා තේහ්‍යුන්ග් සතුටු වුනා.

ඩ්‍රෙස් එක වගේම ජුවලරිස්, ශූස් හැමදේම ඉස්ලා වගේම ජිමින් අතින් සූදානම් වුණා. අනෝලට ඇත්තටම ලොකු වැඩක් තිබුනෙ නෑ. හෙට දවල්ට රනවේ එකෙන් පස්සෙ තව දවස් දෙකක් පැරිස් වල ඉඳලා ආයෙමත් ඇතැන්ස් වලට ගිහින් රෙසිග්නේශන් එකට ලෑස්ති වුනාට පස්සෙ අනෝලගෙ ජොබ් එකේ හැමදෙයක්ම ඉවර වෙන්න තිබුනා.

" යුන්ගි.."

" මොකද..?"

යුන්ගි අතේ තිබුන ටැබ් එක ටේබල් එක උඩින් තියලා දාගෙන හිටපු ස්පෙක්ස් උඩින් අනෝලා දිහා බැලුවා. එයා හෙට යන්න තිබුන ඩෙස්ටිනේශන් එකේ ලොකේශන් එක චෙක් කරන ගමන් හිටියා.

" වැඩක් ද..?"

" නෑ මන් මේ නීදියනගෙන හිටියෙ..!" යුන්ගි එහෙම කියලා රැව්වා.

" අනේ.."

" මොකද නැලවෙන්නෙ.. මොකක්ද කරන්න ඕනි..?"

anola ✔️Onde histórias criam vida. Descubra agora