chapter 25

191 58 77
                                    

In the dark right now
Feeling lost, but I like it
Comfort in my sins, and all about me..

~~~~~~~~~~

Comment goal is still 55!!

එමිලි ඉවන්න බැරි කේන්තියකින් තේහ්‍යුන්ගෙ ඇස් දිහා බලන් හිටියා.. තමන්ට ඇතැන්ස් වල හොඳම කොලේජ් එකකට යන්න ස්කොල'ශිප් එකක් නෙවෙයි මොනා දුන්න කෙනා වුණත් එමිලිට තේහ්‍යුන්ව උස්සලා පොලේ ගහන්න ඕනි වුනා..

මොකද තේහ්‍යුන් එමිලිට කතා කරද්දිම, අනෝලට සිද්ධ වුන දේ ගැන පැහැදිලි කරද්දිම තේහ්‍යුන්ගෙ ඇස් දිහා බලලා එමිලිට තේරුම් ගන්න පුලුවන් වුනා අනිවාරෙන් තමන්ගෙ සහෝදරියගෙ තත්ත්වෙට තේහ්‍යුන් වග කියන්න ඕනි වුනා කියලා..

සේරම කේන්තිය පැත්තකින් තියපු එමිලි හොඳ හුස්මක් අරගෙන තේහ්‍යුන්ගෙ කම්මුලට හයියෙන් ස්ලැප් කලා.. ස්කොල'ශිප් නෙවෙයි මොන මගුල වුනත් එමිලිට තමන්ගෙ සහෝදරිය නැතුව වැඩක් තිබුනෙ නෑ..

" අම් සොරි එමිලි.."

" අපි යමු.."

එමිලිගෙ කේන්තිය ස්ලැප් එක නිසා අඩු වෙලා තිබුනෙ නෑ.. ඒ වුණත් එමිලිට තවත් පරක්කු වෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. මොකද එමිලිට අනෝලා වගේම තියුණු මොලයක් තිබුනා.. තේහ්‍යුන්ගෙන් පළි ගන්නවට වඩා දැන් වටින්නෙ තමන්ගෙ අක්කගෙ ජීවිතේ කියන්නෙ එමිලිට තේරුනා..

වින්සෙන්සෝ පෞද්ගලික රෝහලට ආපු තේහ්‍යුන් වගේම එමිලිත් අනෝලා හිටපු VIP රූම් එකට එද්දි යුන්ගි දොරට හේත්තු වෙලා කිසිම හැගීමක් නැතුව බලන් හිටියා.. එමිලි යුන්ගිටත් රැව්වා.. අනෝලගෙ බෙඩ් එක ළගින් පුටුවක වාඩිවෙලා හිටපු ඉස්ලා, තේහ්‍යුන් වගේම එමිලිව දැක්කම පුටුවෙන් නැගිට්ටා..

එමිලි ඉස්ලගෙ උරහිසේ හැප්පිලා ඒ පුටුවෙන් වාඩි වුනා.. තේහ්‍යුන් ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් නෙවෙයි රටේ ජනාධිපති වුනත් එමිලිට ඒ කිසිම දෙයක් වැදගත් වුනේ නෑ.. එමිලි ඒ තරම්ම කේන්තියෙන් හිටියා..

" කරුනාකරලා එළියට යනවද..?"

එමිලි කිසිම තෙතමනයක් නැති කටහඩකින් ඇහුවම කිසිම දෙයක් නොකියපු තුන්දෙනා රූම් එකේ දොරත් වහගෙන එළියට ගියා.. එමිලි ඒ තරම් වෙලාවක් අමාරුවෙන් මවාගෙන හිටපු තද ගත ගතිය ඒ වෙලාවෙ දියවෙලා ගියා..

anola ✔️Where stories live. Discover now