chapter 45

124 31 33
                                    

" It came like a miracle, so it resembles a miracle.."

~~~~~~~~~~


විවෘත කර ගන්න බැරුව තිබුණ ඇහි පිහාටු අනෝලා ගොඩක් උත්සාහයෙන් විවෘත කලා. හැමදේම නැති වුණා වගේ දැනෙන හැගීම මොන තරම් එයාව රිද්දුව ද කියන්න කාටවත්ම කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ.

අනෝලට ඒ මොනම දේකින්වත් වැඩක් තිබුනෙ නෑ..

ඒත් තේහ්‍යුන්ග් තමන්ට මැරිලා යන්න කිව්වා. අනෝලා කොහොමද ඒ දේ දරා ගන්නෙ.. තේහ්‍යුන් සහ තමන් එකතු වෙලා නොකරපු දේකට තිබුනෙ සෙක්ස් විතරයි.. ඒ ඇරෙන්න අනිත් හැමදේම ඒ දෙන්නා එකට කලා.. තේහ්‍යුන්ග් තමන්ට කොහොමද එහෙම දෙයක් කියන්න හිතන්නෙවත්..!

අනෝලට කෑ ගහලා අඩලා දැන් ඇති වෙලා තිබුනා. මොකද නින්ද යන්න කලින් පැය ගානක් තමන් කෑ ගහලා ඇඩුවා කියන එක අනෝලා දැනගෙන හිටියා.

ඒ වැටුන කඳුලු තේහ්‍යුන්ග් වෙනුවෙන් ද..? තමන්ට මැරිලා යන්න කියපු තේහ්‍යුන්ග් වෙනුවෙන් ද..? ඔව් ඒ වෙනුවෙන් කියලා මතක් වෙද්දි අනෝලට තමන්ව මරා ගන්න හිතුනා. තේහ්‍යුන්ග් ඒ තරම් දෙයක් කරලත් තමන් එයා නිසා අඩනව ද..? තමන් ඒ තරම් පාත තත්ත්වයට වැටුනෙ කොහොමද කියලා අනෝලට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ..

අනෝලට ඕනි වුනේ තේහ්‍යුන්ග්ට හේට් කරන්න කරන්න වුණත්, අනෝලා ඒ වෙද්දි තමන්ටම හේට් කර ගන්න ගමන් හිටියා. තමන්ට තේහ්‍යුන්ග්ට වරදක් කියන්න බැරි වෙන එකට, තමන්ට තේහ්‍යුන්ග්ට හේට් කරන්න බැරි එකට අනෝලා තමන්ටම හේට් කර ගත්තා.

හැමදේම පැටලිලා තිබුනා.. ආයෙමත් ලිහා ගන්න කොනක් පේන්නෙ නැති විදිහට හැමදේම පැටලිලා ගිහින් තිබුනා.

~~~~~~~~~~

අනෝලා වෙලාව බැලුවා. මධ්‍යම රාත්‍රී දොලහ පහුවෙලා තිබුනෙ පාන්දර එකටත් ලන් වෙලා තිබුනා. හෙඩ් එකේ පැත්තකින් දරාගන්න බැරි වේදනාවක් දැනෙද්දි අනෝලට ආයෙමත් මතක් වුණා තේහ්‍යුන්ග් අද හැසිරුණ විදිහ.. ඊට පස්සෙ වුන කිසිම දෙයක් මතක තිබුනෙ නැති වුනත් අනෝලා හිතුවා තමන්ගෙ තුවාලෙ ක්ලීන් කරලා බෙහෙත් දාන්න ඇත්තෙ ඉස්ලා කියන්න..

anola ✔️Where stories live. Discover now