chapter 23

207 61 78
                                    

Don't wanna hurt you
You should leave me
I'm no good for you
So leave me now
Please, leave me now..!

~~~~~~~~~~

Thank you and comment goal is upto 50!!

දෙසැම්බර් 30 ඇතැන්ස් වල මිනිස්සු වගේම ලෝකවාසීන් පවා පිදිය යුතු දිනයක් විදිහට සැලකුවා.. ඇත්තටම ඒකට පුරාවෘත්තීය හේතුවක් තිබුනෙ නැතත් වත්මන් මිනිස්සු ඒ වෙනුවෙන් හේතුවක් හදාගෙන තිබුණා..

කිම් වැන්ටේ ඉපදුණු දවස පිදිය යුතු දවසක් විදිහට සලකන්න තරම් ඒ මිනිස්සු තේහ්‍යුන්ට ඇබ්බැහි වෙලා හිටියා.. ඒක ටිකක් පිළිගන්න අමාරු වුණත් ඒක එහෙමම වුණා..

නත්තලෙන් පස්සෙ සැරසිලි අලුත් අවුරුදු උදාවට වෙනස් වෙනවා වෙනුවට සිද්ධ වුණේ ඒ සැරසිලි කිම් වැන්ටේගේ උපන්දින සැමරුම වෙනුවෙන් වෙනස් වෙන එක.. වැන්ටේගෙ පිළිරූ, රූප වගේම චිත්‍ර පවා ඇතැන්ස් වල නැති කොනක් තිබුනෙ නෑ..

ප්‍රධාන නගරයේ විතරක්ම නෙවෙයි ඇතුලු නගර වල තිබුණ පාලුවට ගිය පාරවල් වල පවා වැන්ටේගේ රූප තිබුණා..

අනෝලගෙ සිද්ධියට මේ වෙද්දි දවස් කිහිපයක් ගත වෙලා තිබුණා.. විශ්වාස කරන්න.. තේහ්‍යුන්ග් විතරක්ම නෙවෙයි, යුන්ගි වගේම ඉස්ලත් කිසිම දෙයක් නොවුණ ගානට හිටියා.. ඒත් එයාලා කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ අනෝලා ඒ වෙද්දි මානසිකව ලොකු අරගලයක හිර වෙලා හිටියා කියන්න..

ඒක දෑනගෙන හිටියෙ නෑ කියන දේට වඩා ඒක ගැලපුණේ අනෝලා ඒ ගැන හැන්ගුවා වගේ සඳහන් කලොත්.. ඇත්තටම අනෝලා හැමදේකින්ම හැන්ගිලා හිටියා.. තේහ්‍යුන්ගෙන් හැන්ගෙන්න එයාට බැරිවුණත් ඔහුගෙ තියුණු ඇස් වලට අනෝලට මග ඇරිලා තිබුණා..

ඒ වෙද්දි අනෝලා තේහ්‍යුන්ගෙ හඩ අනුකරනය කිරීමෙ පුහුණුවීම් වල වචනයෙන් විස්තර කරන්න බැරි තරමෙ ප්‍රගතියක් ලබලා තිබුණා.. ඇත්තටම තේහ්‍යුන්ගෙ හරිම වගේම හොඳම තේරීම තමන් කියලා අනෝලා ඔප්පු කරලා තිබුණා... අනෝලටත් තිබුණෙ ගැඹුරු කටහඩක් වුණත් තේහ්‍යුන්ගෙ වගේ කටහඩක් අනුකරණය කරන එක සාමාන්‍යෙන් කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් වුණේ නෑ..

anola ✔️Kde žijí příběhy. Začni objevovat