chapter 20

271 50 20
                                    

It's beginning to look a lot like Christmas
Everywhere you go

~~~~~~~~~~

" යුන්ගී..!!"

" අයියෝ මොන වදයක් ද මේ..? තමුසෙ හින්දා තමයි මගෙ කන දවසෙ ඇහෙන්නෙ නැතුව යන්නෙ..!"

යුන්ගි උදේ පාන්දර නරක වචන කියන්න බැරි කමට කෑ ගැහුවා. ඇත්තටම ඒ හිටියෙ ග්‍රීසියේ ප්‍රධානම රතු මාෆිෆාවෙ දෙවෙනියා සාතන් කියලා කියන්න බැරි තරමටම යුන්ගි වෙනස් වෙලා තිබුණා.. එහෙම නැත්නම් අනෝලා වෙනස් කරලා තිබුණා..

යුන්ගි කියන්නෙ හිනාව කියලා දෙයක් දැනගෙනවත් හිටියෙ නැති කෙනෙක්.. ඒත් ඩීමන්ගෙ අණට අනුව අනෝලගෙ බොඩිගාඩ් වුණාට පස්සෙ යුන්ගිගෙ මූණෙ හැම වෙලාවෙම වගේ කට කොනක චූටි හිනාවක් රැඳිලා තිබුණා..

පෙන්ත් හව්ස් එකේ යුන්ගිට අයිති වුණ මයිනර් හව්ස් එකෙන් උදේට තේහ්‍යුන්ගෙ අපාට්මන්ට් එකට එන වෙලාව වෙනකල් යුන්ගි හවස අපාට්මන්ට් එකෙන් ගියාට පස්සෙ විනාඩි ගණන් කළා.. ඒතරම්ම යුන්ගි අනෝලගෙ බොඩිගාඩ් ජොබ් එකට ආස කළා.. ඒ ඇයි කියන්න යුන්ගි දැනගෙන හිටියෙ නැති වුණත් අනෝලා ළගදි යුන්ගිට සෑහෙන්න සැනසීමක් දැණුනා.

" යුන්ගී..!"

" අනේ මොකද බිච් කෑ ගහන්නෙ.. මගෙ කන් දෙක ඇත්තටම රිදෙනවා..!" යුන්ගි කෑ ගැහුවහම අනෝලා ඇස් රෝල් කරලා පස්සහ සීට් එකේ ඉඳන් පැසෙන්ජර් සීට් එකට ඇවිත් වාඩිවුණා.

" ඉස්සර මැඩම් කියපු කෙනා නේද මට මේ බිච් කියන්නෙ කියලා මතක් වුණාම..!"

අනෝලා රවලා කිව්වම යුන්ගි හිනාවුණා. යුන්ගි බෙල්ල වටේ දාගෙන හිටපු පැනල් ස්කාෆ් එක ගලවලා අනෝලගෙ බෙල්ල වටේ එතුවා.. අනෝලා යුන්ගිගෙ ඇස් දිහා බලන් හිටියා..

" ඔයාට තියන්නෙ දිලිසෙන ඇස් දෙකක්නෙ යුන්ගියා.."

අනෝලා කිව්වම යුන්ගි ඇස් වැහිලා යන්න හිනාවුණා.. තේහ්‍යුන්ගෙයි අනෝලගෙ දැන් පැහැදිලිව දකින්න පුලුවන් වෙනසකට යුන්ගි දැක්කෙ අනෝලගෙ කෙලින් කතා කරන එක වගේම සරල බව විතරයි..

යුන්ගි කැබ් එක ඇතැන්ස් නගරයේ මධ්‍යයට ඩ්‍රයිව් කරගෙන ගියා. වෙලාව හවස හයට වගේ ළංවෙලා තිබුණා.. ගොඩක් තැන්වල ලයිට්ස් ඒ වෙද්දිත් දල්වලා තිබුණා.. කැරොල් කොන්සට්, පාක්ස් වගේ එක එක සැමරුම් ස්ථාන නගරයේ හැමතැනකම තිබුණා..

anola ✔️Where stories live. Discover now