chapter 33

151 34 9
                                    

When my eyes are on you
Breathtaking electricity
Oh, you know you get me loose
Make me go biteulbiteul

~~~~~~~~~~

වෙලාව පාන්දර තුන පහුවෙලා විනාඩි දහයක් වගේ ගත වෙලා තිබුනා. මීට දවස් කිහිපයකට කලින් බොඩිගාඩ් ටීම් එකක් පවා අරගෙන සවුත් කොරියා ආපු තේහ්‍යුන්ග් ආයෙමත් ග්‍රීස් වලට යන්න තීරණය කරලා තිබුණා. ඒ ගමන වෙනුවෙන් හන්බින් වගේම එයාගෙ ප්‍රඩක්ශන් ටීම් එකත් එකතු වුනා.

කිසිම රෝමාන්තික හැගීමක් නොදැනෙන මාෆියාව ගැන ඇල්බම් එකක් කරන්න තේහ්‍යුන්ට තිබුණ උවමනාව ඇත්තටම කාටවත් හිතා ගන්න බැරිවුණා. මාෆියාව ගැන ගීත ලියවිලා තිබුනද? අතීතයේ එහෙම දෙයක් සිදු වෙලා තිබුනෙ නැත්නම් තේහ්‍යුන් ඒ දේ වර්'තමානෙ සිද්ධ කිරීම පුදුමයට කාරණයක් වුනේ නෑ. විශේෂයෙන් අනෝලට. තේහ්‍යුන්ගෙ අබිරහසක් වුන ජීව්තේ ඇතුලෙ මේ වගේ දේවල් ඇයට තව දුරටත් පුදුමයට කාරණයක් වුණේ නෑ.

තේහ්‍යුන්ගෙ පෞද්ගලික ගුවන්යානය නිසා එයාලට වෙලාවල් වල කිසිම ගැටලුවක් තිබුණෙ නැති වුනත් අනෝලට ගොඩක් මහන්සි දැනුනා. ඉමිටේටින් ආටිස්ට් විදිහට වැඩ කරන්න තව මාස පහලවක වගේ කාලයක් ඉතිරි වෙලා තිබුනා. අවුරුද්දක් නොදැනිම ගෙවිලා යන්න තරම් ඇය බිසී වෙලා හිටියා. ඒ වුණත් ඇයට තවත් ගෙවලා ඉවර කරන්න ගොඩක් කාලයක් එහෙමම ඉතිරි වෙලා තිබුණා.

මීට ටික දවසකට, එහෙමත් නැත්නම් මාස කිහිපයකට වගේ කලින් ඇයට ජීවිතය වෙනුවෙන් දරාගෙන ඉන්න වුනේ ඇයගෙ එකම පවුල විදිහට හිටපු නන්ගි එමිලි වෙනුවෙන් නිසා වුණත් මේ වෙද්දි ඒ හේතුව සම්පූර්'ණයෙන්ම වෙනස් වෙලා තිබුණා.

තේහ්‍යුන්..!

තේහ්‍යුන් කිම්..!

තේහ්‍යුන්ග් වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න අනෝලා ශක්තිමත් වෙලා හිටියා. ඇයගෙ සම්පූර්'න ජීවිතේම තේහ්‍යුන්ග් වෙනුවෙන් වියදම් වෙමින් තියෙන බව ඇය තේරුම් අරන් නොතිබුනා කියලා පේන්න තිබුනා. තේහ්‍යුන් කවමදාවත් ඇයට ආදරයක් කන්ෆෙස් කරලා නැති බව, ඇය වෙනුවෙන් ගොඩක් දේවල් කළත් ඒ වක්‍රාකාරව ඔහුටම වුන බව ඇයට තේරුම් ගන්න බැරි වුන එක ඇත්තටම ලොකු ප්‍රශ්නාර්'ථයක් වුණා.

anola ✔️Where stories live. Discover now