chapter 10

234 61 64
                                    

Your gaze is so colorful, I'll give it my all..
Unfulfilled wishes in my heart, I can't put it into words..

~~~~~~~~~~

ප්‍රැක්ටිස් රූම් එකේ ලොකු මිරර් එකෙන් පේන අනෝලගෙ ඇස් දිහා තේහ්‍යුන් බලාගෙන හිටියා.. ඒ ඇස් වල හැගීම් පිරිලා තිබුණා.. ඒ හැගීම් වල කිසිම හිස්තැනක් තිබුණෙ නෑ.. ඒක හරිම අමුතුයි.. තේහ්‍යුන්ට දැණුනා.. ඒත් තේහ්‍යුන්ට ඕනි වුණේ ඒ වගේ දෙයක් නෙවෙයි.. කවදාවත්ම..

වෙනදා වගේම වර්'ක් අවුට් එක දීලා තේහ්‍යුන් ප්‍රැක්ටිස් රූම් එකේ කොනකට ගිහින් බලාගෙන හිටියා. අනෝලට හුස්ම ගන්න අමාරු වුණත් තේහ්‍යුන්ට ගානක් තිබුණෙ නෑ..

තමන් තෝර ගත්තු කෙනා ආයෙමත් වැරදියි කියලා දැනෙද්දි තේහ්‍යුන්ට කෑ ගහන්න හිතුණා.. ඒත් තවදුරටත් ඔහුට හැරෙන්න අවස්ථාවක් තිබුණෙ නෑ. කලින් තෝර ගත්තු කිහිප දෙනාම වගේ පැය ගාණක් වගේ ඇතුළත ගොඩක් දේවල් නැති කර ගත්තා කියලා තේහ්‍යුන්ට මතක් වුණා.. ඒ අතින් අනෝලා ගොඩක් ඉස්සරහින් හිටියා.

ගත වෙලා තිබුණෙ දවස් දෙකක් වගේ පොඩි කාලයක් විතරක් වුණත් අනෝලගෙ කොලර් බෝන් එක හරියෙන් ෆැට් එක අඩුවෙලා ගිහින් සැලකිය යුතු වෙනසක් මතු වෙලා තිබුණා. ඇත්තටම තේහ්‍යුන්ගෙ වර්'ක් අවුට් එක ගොඩක් දරුණු එකක් වුණා..

" You may take a ten minutes break now, Anola.."

පැය දෙකක් විතර යද්දි තේහ්‍යුන් කිව්වෙ ලන්ච් එක ගන්න තව ගොඩක් වෙලා තිබුන නිසා. අනෝලා පුදුම වෙලා තේහ්‍යුන් දිහා බැලුවා. මොකද තේහ්‍යුන් කියන්නෙ විවේකයන් කියන දේට හේට් කරපු කෙනෙක්..

" ඇයි බ්‍රේක් එකක් එපාද..?

" ඔහ් සොරි කෝච්.. තැන්ක් යූ.."

අනෝලා ප්‍රැක්ටිස් රූම් එකේ කොනකට ගිහින් වාඩි වුණා.. වතුර බෝතලයක් අරගෙන අනෝලා ඒක ඕපන් කරන්න හැදුවත් තේහ්‍යුන් ළගට ඇවිත් අනෝලගෙ අතින් බොට්ල් එක අරගෙන ඕපන් කරලා ආපහු ඒක ඇයගෙ අතටම දුන්නා..

අනෝලා පුදුමයෙන් බලාගෙන හිටියා.. තේහ්‍යුන් ඒ ඇස් දිහා බැලුවා.. ඒ ඇස් වල ගොඩක් දේවල් තිබුණා.. තේහ්‍යුන්ට අනෝලව මරලා දාන්න ඕනි වුණා.. තමන් අකමැති දේවල් තමන්ට බලෙන් ලැබෙන්න ගනිද්දි තේහ්‍යුන් ඒ දේට මොන තරම් වෛර කලාද කියන්න වචන තිබුණෙ නෑ..

anola ✔️Where stories live. Discover now