chapter 04

315 61 67
                                    

Tell me with your sweet smile
Talk to me, speak in my ear like a whisper..

~~~~~~~~~~

ඇතැන්ස් වල තරු පහේ ප්‍රසිද්ධ හෝටලයක් වුණ රෝයල් ඔලිම්පික් හෝටලයෙ උඩු මහලට ඇතැන්ස් නගරය ගොඩක් ලස්සනට පෙණුනා.. සවස් වරුව නිසා අහසෙ පාට ගොඩක් ලස්සනයි.. කාර්'යබහුල වුණ වීදි වල එහෙන් මෙහෙන් දැල්වෙන්න පටන් අරන් තිබුණ විදුලි පහන් වල එළි ඇත්තටම ඊටත් වඩා ලස්සනයි..

" එමිලි ගොඩක් forward girl කෙනෙක්.. I love her personality.."

තේහ්‍යුන් කිව්වා.. ඔහුට ඉස්සරහින් වාඩිවෙලා හිටපු අනෝලා හිනාවුණා..

හරියටම හවස දෙක වෙද්දි තේහ්‍යුන්ගෙ කැබ් එක අනෝලගෙ අපාට්මන්ට් එක ළගට ඇවිත් තිබුණා.. ජීවිතේ බේරගන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ කියලා තේරුම් ගත්තු අනෝලා ඇග්‍රිමන්ට් එකට කැමති වුණා.. ජීවිතේ පළවෙනි වතාවට අනෝලා එමිලිට බොරුවක් කිව්වා.. ඇය කිව්වා තේහ්‍යුන් එමිලිට ශිශ්‍යත්වයක් දෙන්න කැමති වුණා කියලා..

ඇය වැඩිදුර අහන්නෙ නැතුව ඒක පිළිගත්තා. මොහොතකින් එමිලිව නගරයේ ප්‍රධානම උසස් පාසලට ඇතුළත් කෙරුණා.. ඒ වගේම ඔවුන් ජීවත් වුණ අපාට්මන්ට් එක වහලා දාලා අනෝලා ඇගේ අලුත් ජීවිතය ගත කරන්න තේහ්‍යුන් එක්ක ඇවිල්ලා තිබූනා.. ගත වෙලා තිබුනෙ පැය කිහිපයක් වුණත් එමිලිගෙන් ඈත් වුන එක ඇයට ගොඩක් නරක විදිහට දැනෙන්න පටන් අරන් තිබුණා..

" හේයි.. ඔයා අඩනව ද ආපහු..?"

තේහ්‍යුන්ග් අනෝලව තමන්ගෙ අපාට්මන්ට් එකට එක්කගෙන යන්න කලින් රාත්‍රී ආහාරය ගන්න ආවෙ රෝයල් ඔලිම්පික් හොටෙල් එකට.. සාමාන්‍යයෙන් තරු පහක් නැති හොටෙල් එකක් තේහ්‍යුන්ගෙ ෆේවරිස්ට් ලිස්ට් එකේ හොයාගන්න බැරිවුණා..

ඔවුන් ආහාර අරගෙන ඉවර වෙලා තිබුණා.. තේහ්‍යුන් දැක්කා අනෝලා හරියට කාලා තිබුණෙ නැති බව.. තමන්ගෙ පුටුව එහාට කරලා නැගිටපු තේහ්‍යුන් අනෝලා ළඟට ආවා..

" අහන්න බේබි.. එමිලි ග්‍රීක් වලින් පිට ගියේ නෑ.. එයා ඉන්නෙ මේ රටේ මේ නගරෙමයි.."

තේහ්‍යුන් අනෝලගෙ ඔලුව අතගෑවා.. කවමදාවත් මෘදු විදිහට හැසිරිලා නොතිබුණ කිම් තේහ්‍යුන් මේ ආගන්තුක ගෑනු ළමයෙක් ඉස්සරහ ඉදිරියේ මෘදු වෙන්න පටන් අරන් තිබුණා.. ඒක ඇත්තටම හරිම අමුතු දෙයක් වුණා.. අඩුම තරමින් කලින් දවසෙදිවත් ඔහු අනෝලට හොඳින් සැලකුවෙ නෑ.. ඒත් ඔහු එක රැයකින් වෙනස් වෙලා තිබුණා..

anola ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin