chapter 14

191 55 53
                                    

Is it too late now to say sorry?
Yeah I know that I let you down
Is it too late to say I'm sorry now?

~~~~~~~~~~~

Last chapter hits 50 comments. Thank you readers..! I love you, i really do..!! 🥺

Bullying warning ahead !

තවත් දවස් දෙකක් විතර කිසිම විශේෂයක් නොවී ගත වෙලා ගියාම අනෝලා තේරුම් ගත්තා සිදුවුණ කිසිම දෙයක් ආපහු හරිගස්සන්න බෑ කියන එක. හැම දේකින්ම අයින් වෙන්න තමන්ට වෙලාව ඇවිත් කියලා අනෝලා තේරුම් ගත්තා. මොන දේ වුණත් තමන්ගෙ නන්ගි එමිලි තවම අපාට්මන්ට් එකට ඇවිත් හිටියෙ නැති නිසා අනෝලා විශ්වාස කලා කිම් තේහ්‍යුන් ඒ දේ හරි මැදින් නවත්තන එකක් නෑ කියන්න..

ඊළග දවසෙ උදෙන්ම නැගිටපු අනෝලා කබඩ් එකෙන් අරගත්තු පොඩි වෙලා තිබුණ යුනිෆෝම් එක මැඳලා ඇදගත්තා. වෙනදා යුනිෆෝම් එකෙන් පේන අනෝලට වඩා එයා අද මිරර් එකෙන් පෙනුන අනෝලා භෞතිකව වගේම මනසිනුත් ගොඩක් දුරට වෙනස් වෙලා තිබුණා.

කෙට්ටු වෙලා නැතුව ගානට ශේප් වෙන්න පටන් අරගෙන තිබුන බොඩි එක අනෝලව ස්මාට් කරලා පෙන්නුවා. ඒත් තවදුරටත් ඇයගෙ හිත නම් සතුටු වුණේ නෑ..

මොකද ඒ වෙද්දිත් තේහ්‍යුන් කිම් අනෝලගෙ මුලු ආත්මයම හොරකම් කරගෙන ගිහින් තිබුණා..

~~~~~~~~~~~

" අන්න තෙරපි වලට අකමැතියි කියලා බොරු කියපු කෙනා අද කොලේජ් ඇවිත්.. අනිවාරෙන් එයා කොලේජ් එකේ අයට හොරෙන් තෙරපි වලට යන්න ඇති.."

රයිසා කෑ ගහගෙන මුලු කොලේජ් එකට අනෝලා ආවා කියන කට කතාව පැතිරෙව්වා. අනෝලා කිසිම දෙයක් නොවුණ ගාණට බලන් හිටියා. කොලේජ් එකේ ළමයි හිතලා තිබුණෙ අනෝලා හැමෝටම හොරෙන් මස්ට'බේශන් ඇඩික්ශන් එකට තෙරපි ගන්න යන්න ඇති කියලා..

ඒත් එයාලා නිකමට හරි දැන ගත්තා නම් අනෝලා ඒ දවස් කීපයේ ජීවත් වෙලා තිබුනේ එයාලා හැමෝගෙම හීන කුමාරයා වුණ ග්‍රීක් එකක් මිත් එකක් වගේ කඩවසම් කිම් වැන්ටේගේ අපාට්මන්ට් එකේ එකට කියලා..!! ඕහෝ..!!

වෙලාව ගත වෙලා විවේක කාලය එනකලුත් අනෝලා කරදර දරාගෙන හිටියත් වින්සෙන්සෝ කොලේජ් එකේ ගොඩක් ශිෂ්‍යයන් ගොඩක් නරක අය වුණා කියලා පේන්න තිබුණා. එයාලා ඉවරයක් නැතුව අනෝලට කරදර කළා.

anola ✔️Where stories live. Discover now