chapter 35

144 32 18
                                    

" In my rose-tinted dreams
Wrinkled silk on my sheets
I don't see nobody but you.."

~~~~~~~~~~

අනෝලා මේ වෙද්දිත් යුනිවර්'සිටි එකට ජොඉන් වෙලා සති දෙකක් ගත වෙලා තිබුනා. වර්'කින් ස්කෙඩියුල් එක හරියට මැනේජ් කර ගන්නකල් තේහ්‍යුන් අනෝලට සතියක වගේ ෆ්‍රී පීරියඩ් එකක් දීලා තිබුනා. අනෝලා සිවිල් ඉන්ජිනියරින් ඩිග්‍රී එක සම්පුර්'නයෙන්ම ඔන්ලයින් ස්ට්ඩී කරන්නත්, පර්'ෆෝමින් ආට්ස් ඩිග්‍රි එකට ෆිසිකල් ලෙක්චර්'ස් යන්නත් ස්කෙඩියුල් එක ෆික්ස් කර ගත්තා.

ග්‍රීසියේ නැශනල් යුනිවර්'සිටි එක ඇතැන්ස් වල පිහිටලා තිබුණා. අනෝලා පර්'ෆෝමින් ආට්ස් ඩිග්‍රි එකට නැශනල් යුනිවර්'සිටි එකත්, ඉන්ජිනියරින් ඩිග්‍රි එකට නැශනල් ටෙක්නිකල් යුනිවර්'සිටි එකත් තෝරගෙන තිබුනා.

හන්බින්ගෙ ටීම් එකත් එක්ක බිසී වෙලා හිටපු තේහ්‍යුන්ග් පුලුවන් තරම් ඉක්මනින් ඇල්බම් එක රිලීස් කරන්න ප්ලෑන් කරලා තිබුනා. මොකද එයාලට තවත් මෙගා ප්‍රොජෙක්ට්ස් දෙකක් අනෝලා රිසයින් වෙන්න කලින් කරන්න ඉතුරු වෙලා තිබුනා.

තමන් අනෝලා වෙනුවෙන් සතියක් ස්කෙඩියුල් එක ෆ්‍රී කරලා දුන්නෙ ඇයි කියලා තේහ්‍යුන්ග්ටවත් හිතා ගන්න බැරිවුනා. ඒක නිකන් විහිලුවක් වගේ වෙන්න පටන් ගත්තෙ තේහ්‍යුන්ග් අනෝලා වෙනුවෙන් දෙවෙනි සතියෙත් ස්කෙඩියුල් එක ෆ්‍රී කරලා දුන්නම.

ඉස්ලා උදේ ලෑස්ති කරගෙන ආපු ප්‍රෝන් ඩිශ් එක දාලා තිබුන ග්ලාස් බෝල් එක එහෙමම ලිස්සලා වැටිලා බිඳිලා ගියෙත් තේහ්‍යුන්ග් අනෝලගෙ සෙකන්ඩ් වීක් එකේ ස්කෙඩියුල් එකත් ෆ්‍රී කරපු කතාව ඇහෙද්දි. ඇත්තටම ඒක විශ්වාස කරන්න මොන තරම් අමාරුද? යුන්ගි පවා තේහ්‍යුන්ග්ට ඩයල් කරලා මේ කතාව ඇත්තද අහන්න තරම් ඇත්තටම ඒක පුදුමයක්..

ඒත් ඇත්තටම ඒක වෙලා තිබුණා. අනෝලා තේහ්‍යුන්ගෙ ඉමිටේටින් ආටිස්ට් වෙලා අවුරුද්දකුත් ගත වෙලා තියෙද්දි තේහ්‍යුන්ග් අනෝලා ගැන මෘදුව හිතන්න පටන් අරගෙන තිබුණා.

~~~~~~~~~~

" ඕකේ.. මට ආපහු සතියක් නිවාඩුයි.."

anola ✔️Where stories live. Discover now