chapter 05

237 59 44
                                    

You ain't gotta be my lover for you to call me baby
Never been about no pressure, ain't that serious no..

~~~~~~~~~~


" ගුඩ් මෝනින් සිස්.."

" ගුඩ් මෝනින්.."

තවමත් නිදිමතේ ඉන්න අනෝලා ඇස් දෙක පොඩි කරලා ඉස්ලා විවෘත කරපු කර්'ට්න් එකෙන් එළිය බැලුවා.. ඒ වෙද්දිත් ඉර පායලා තිබුණා.. වෙලාව උදේ අට පහුවෙලා කියලා අනෝලා දැන ගත්තෙ බිත්ති ඔරලෝසුවෙන්..

" දැන් වෙලාව අටයි දහයයි.. අට හමාර වෙද්දි ඔයා පහළට එන්න ඕනි.. ඒ වෙලාව වෙද්දි ඔයාට උදේ කෑම සර් එක්ක ගන්න පුලුවන්.."

" ස්තූතියි ඉස්ලා.."

" ඕ ගෝඩ්..!! ඔයා එහෙනම් අන්තිමට මට මගේ නේම් එකෙන් කතා කළා.."

අනෝලා හිනාවුණා..

" Anyway, twenty minutes more sis.."

~~~~~~~~~~

" ගුඩ් මෝනින් සර්.."

අනෝලා හරියටම වෙලාවට කෑම මේසෙට එද්දි තේහ්‍යුන් පුටුවක වාඩිවෙලා හිටියා.. තේහ්‍යුන් දුඹුරු පාට හූඩි එකක් දාලා බොටම් එකක් ඇඳගෙන හිටියා.. ඔහුගෙ කොන්ඩෙ අවුල් වෙලා තිබුණ නිසා අනෝලට පහසුවක් දැණුනා.. මොකද තේහ්‍යුන් ෆුල් කිට් එකෙන් දකිද්දි ඇයට දැණුනා ඔහු ටිකක් නපුරු කෙනෙක් කියලා..

තේහ්‍යුන් කලින් දවසෙදි මිනිත්තු කිහිපයක් පරක්කු වුණාම හැසිරුන විදිහ මතකයේ තිබුන නිසා අනෝලා ආපහු කවමදාවත්ම එකම තත්පරයක්වත් පරක්කු වෙන්නෙ නැහැ කියලා හිතාගෙන තිබුණා.. ඒ වගේම තේහ්‍යුන් එක්ක හොඳින් හැසිරෙන්නත්, එකට එක නොකිය ඔහුට ඕනි විදිහටත් හැසිරෙන්න ඇය වග බලා ගත්තා.. මොකද දැනටමත් අනෝලා කියන්නෙ තේහ්‍යුන්ට යටත් වුණ කෙනෙක්..

" ගුඩ් මෝනින් බේබි.. වාඩිවෙන්න.."

තේහ්‍යුන්ගෙ 'බේබි' කියන වචනයට අනෝලා ආස කළා.. ඒ වුණත් ඇය ඒ බව තේහ්‍යුන්ට දැනෙන්න ඇරියෙ නෑ..

" You ain't gotta be my lover for you to call me baby, Never been about no pressure, ain't that serious no.." ජස්ටින්ගෙ ප්‍රසිද්ධ ගීතයක් වුණ Company.. අනෝලට ඒ වචන මතක් වුණා..

එතනින් පස්සෙ උදේ ආහාරයෙදි කිසිම කතාවක් තිබුණෙ නැ.. තේහ්‍යුන් කියන්නෙ කෑම මේසයෙදි ගොඩක් විනීත කෙනෙක් කියන්න අනෝලාට තේරුණා..

anola ✔️Where stories live. Discover now