chapter 34

139 32 15
                                    

Baby, I'm dancing in the dark
With you between my arms
Barefoot on the grass
Listening to our favorite song...

~~~~~~~~~~

හන්බින් සහ එයාගෙ ටීම් එක මේ වෙද්දිත් ඇල්බම් එකේ වැඩ පටන් අරෙගන තිබුණා. එයාලා තාවකාලිකව තේහ්‍යුන්ගෙ ස්ටුඩියෝ එක පාවිච්චි කලා වගේම තේහ්‍යුන්ග් පවා ඇල්බම් එක නිසා මේ වෙද්දි ගොඩක් බිසී වෙලා හිටියා. වෙනසකට තිබුනෙ අනෝලා එයාලා අතර හිටපු නැති එක විතරයි.

මොකද ඇල්බම් එක වෙනුවෙන් අනෝලට කරන්න දෙයක් නෑ කියලා තේහ්‍යුන්ග් තීරනය කරලා තිබුනා. ඇත්තටම ඒක ප්‍රශ්නාර්'ථයක් වුණත් අනෝලට තේහ්‍යුන්ගෙ ඩිසිශන් එකට විරුද්දව ආගියු කරන්න ඕනි වුනේ නෑ. එක අතකින් ඒකෙන් හොඳ දෙයක් වෙලා තිබුනා. අනෝලගෙ වර්'ක් ලෝඩ් එක තරමකින් අඩු වෙලා තිබුනා.

ඒ වුණත් තේහ්‍යුන්ග් අනෝලට වැකේශන් එකක් දීලා තිබුනෙ නෑ. අනෝලගෙ සෝලෝ කොන්සර්'ට්ස් කිහිපයක්ම එක දිගට ග්‍රීස් වල ප්‍රධාන නගර කිහිපයක සූදානම් වෙලා තිබූනෙ ආසන හැම එකක්ම සෝල්ඩ් අවුට් වුන වේදිකා ප්‍රසංග විදිහට.

වෙනසකට තිබුනෙ දැන් සති දෙකකින් විතර තේහ්‍යුන්ග්ට සහ අනෝලට නිදහසේ වාඩි වෙලාකතා කරන්න, එහෙමත් නැත්නම් ටී එකක් බොන්න වෙලාවක් ඉතුරු වෙලා තිබුනෙ නැති එක. එකම අපාට්මන්ට් එකේ එකම රූම් එකේ එකම බෙඩ් එකේ හිටියත් දෙන්නට දෙන්නා දකින්නැතිව ගෙවිලා යන දවස් ගොඩක් ඒ සති දෙක ඇතුළට එකතු වෙලා තිබුනා.

තේහ්‍යුන්ග් නිදාගන්න බෙඩ් එකට එන වෙලාවට අනෝලා නිදාගෙන හිටියා. අනෝලා උදේ ස්කෙඩියුල් එකට පිටත් වෙද්දි තේහ්‍යුන්ග් නිදාගෙන හිටියා. ඒ නිසා එයාලට වචනයක්වත් කතා කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

~~~~~~~~~~

" ඕ මයි ගෝඩ්!! මගේ ඉමිටේටින් ආටිස්ට්ව බලන්න මටම අපොයිමන්ට් එකක් දාන්න වුනා අන්තිමට.."

තේහ්‍යුන්ග් පව්ට් එකක් එහෙම කියලා අත් දෙක බැඳගත්තම අනෝලා හිනාවුනා.

" ඉතින් කෝච්මනෙ ස්කෙඩියුල්ස් හැදුවෙ.. මට කම්ප්ලේන් කරන්නෙ හරියට මම කලා වගේ..!!"

anola ✔️Where stories live. Discover now