chapter 02

359 75 39
                                    

Sugar and Smoke rings, I've been a fool..

But strawberries and cigarettes always taste like you..

~~~~~~~~~~

ක්‍රීපෙයි කැන්ඩ්ල්ස් වල සුවඳ මුලු අපාට්මන්ට් එකම වහගෙන පැතිරිලා තිබුණා. මීට දවස් ගාණකට කලින් පාවිච්චි කරපු මර්'ල්බොරෝ සිගර් වල අලු ඈශ්‍ට්‍රේ එකේ තවමත් අස් නොකර තිබුණා. කවදාවත් නිවසක දැකලා නැති විදිහට කලු පාට රෝස වලින් වාසස් හැම එකම පිරිලා තිබුණා..

" සර්.."

" ඔහ් එයාට එන්න කියන්න ඇතුළට.."

මේ තරම් වෙලාවක් අනෝලා රැඳිලා හිටියෙ වෙයිටින් රූම් එකක කියන්න ඇයට තේරුනේ විසිත්ත කාමරය කියලා කියන්න පුලුවන් විශාල කාමරයකට ඇයව එක්කගෙන ගියාට පස්සෙ.. තේහ්‍යුන්ගෙ රියදුරා ඇයව තේහ්‍යුන්ට භාර දීලා පිටතට ගියා.

ඒත් එක්කම වගේ තේහ්‍යුන් ළගින් බිම වාඩිවෙලා හිටපු තරුණයෙක් නැගිටලා කොනක තිබුණ දොරකින් අතුරුදහන් වුණා.. ඒ තරුණයාගෙ කොණ්ඩෙ රෝස පාටින් වර්'ණ වෙලා තිබුණා. දුහුල් කමියක්වත් නොතිබුණ උඩුකයේ සංවේදී ස්ථාන දෙකක් විතරක් යන්තමින් ලෙදර් හානස් එකකින් ආවරණය වෙලා තිබුණා.

" සෝ.. කම් හියර් බේබි.." තේහ්‍යුන් කිව්වා..

කලින් ඔහු සැරසිලා තිබුණ මිලාධික ඇඳුම් වලින් මාරුවෙලා හිටියා. ඒත් දැනුත් ඔහු ඇඳගෙන හිටියෙ ගුක්චි කලු පාට ස්ලීව්ලස් ශර්'ට් එකක්.. අනෝලා ඔහු දිහාට ඇවිදගෙන ගියා. තමන්ව පාසලෙන් මේ විදිහට අරගෙන ආවෙ හොඳ දේකට නෙවෙයි කියන්න ඇයට තේරුණත් ඇය උත්සාහ කළා තමන් බය නොවුණ බය පෙන්නන්න.

" ලයිට් මයි සිගරට්..!"

තේහ්‍යුන්ගෙ කැන්බෙරි පාට තොල් වලට මර්'ල්බොරෝ සිගර් එක ගැලපුනේ නැහැ.. අනෝලා මේසය මත තිබුණ ලයිටර් එක අරගෙන සිගර් එක දැල්වුවා.. අනෝලා බලන් හිටියා තේහ්‍යුන් හුස්මක් ගන්න වාරයක් ගානෙ ඔහුගෙ නාස් පුඩු ඇතුළට ඇඳෙන දුම දිහා. සිගරට්ටුව තව තවත් තේහ්‍යුන්ට පිරිමිකම මතු කරලා පෙන්නුවත් අනෝලා මත්ද්‍රව්‍ය වලට වෛර කළා..

විනාඩි කිහිපයක් ගත වුණා.. ඉවසීම ටික ටික නැතිවෙලා යද්දි අනෝලා තීරණය කළා ඔහුට කතා කරන්න..

anola ✔️Where stories live. Discover now