chapter 06

220 57 22
                                    

One thing you should know
Is the art of letting go..

~~~~~~~~~~

" ගුඩ් මෝනින් අනෝලා.. වෙලාව උදේ හතයි. ඉක්මනින් නැගිටලා ලෑස්ති වෙන්න.. ඔයා උදේ අට වෙද්දි ස්ටුඩියෝ එකේ ඉන්න ඕනි.."

ඉස්ලා කර්'ට්න් එක ඕපන් කරලා කතා කරද්දි ඒ වෙනකොටත් අඩ නින්දෙ හිටපු අනෝලා අවදි වුණා.. අද ඉඳන් ඇයට තිබුණෙ මාස දෙකක දීර්'ඝ පුහුණුවක්..

නාන කාමරයට දුවලා ගිය අනෝලා ඉක්මනින් එළියට ඇවිත් ලෑස්ති වුණා.. ඇයට අඳින්න ලැබිලා තිබුනෙ දනහිස වෙනකල් උස ටයිට් ශෝට් එකක් එක්ක ටයිට් ස්කිනර් එකක්.. ඒ දෙකම කලු පාට වුණා වගේම හොඳ බ්‍රෑන්ඩ් එකක ඒවා වුණා.. කැල්වින් ක්ලේන්.. අනෝලා වෛර කරන විශේෂම දෙයක් වුනේ බ්‍රෑන්ඩඩ් ක්ලෝත්ස් අදින එක.. ඒක නිනම් ලොකුකම පෙන්නන දෙයක් වගේ කියන්න අනෝලා විශ්වාස කළා..

ඒත් අද ඉඳන් තමන් කැමති අකමැති හැමදේම පාලනය වෙන්නෙ ඔහු අතින්.. අනෝලා හුස්මක් පාතට දාලා ඉක්මනින් පහළට ගිහින් උදේ ආහාරය අරගත්තා. තේහ්‍යුන් කොහෙවත් පේන්න හිටියෙ නෑ.. වෙලාව හතයි විසි පහ වෙලා තිබුණා.. ඉස්ලා කියපු විදිහට ජේසන් එක්ක අනෝලා ස්ටුඩියෝ එකට පිටත් වුණා..

වෙලාව අටට විනාඩි තුනක් තියෙද්දි අනෝලා ස්ටුඩියෝ එක ඉස්සරහ හිටගෙන හිටියා. ඇය ඉක්මනින් දොරට තට්ටු කළා..

" කම් ඉන්.."

ඒ තේහ්‍යුන්ගෙ කටහඩ වුණත් වෙනදා වගේ රිද්මයානුකූල ගතියක් නැතුව තිබුණ ගැඹුරු බව නිසා අනෝලව වෙව්ලලා ගියා.. ඉස්ලා ඇයට අනතුරු අගවලා තිබුණා මේ පුහුණුවීම් කාලය ඇතුලෙදි දේවල් පුහුනු කරනවට වඩා තමන්ගෙ ජීවිතේ රැක ගන්න මහන්සි වෙන්න කියලා.. ඒ වෙලාවෙදි අනෝලා සමච්චලේට හිනාවුණා.. මොකද ගායකයෙක් අනුකරණය කරන එක අමාරු වෙන්නෙ කටහඩ පරීක්ශනයේදි විතරක් වෙන්න ඕනි කියලා ඇය විශ්වාස කලා..

ඒත් මේ වෙද්දි ඒ විශ්වාසය සම්පූර්'ණයෙන්ම අනිත් පැත්තට හැරිලා තිබුණා.. තවම පුහුණුවීම් පටන් අරන් නැති වුණත් තේහ්‍යුන්ගෙ ගැඹුරු කටහඩම අනෝලව ගැඹුරු ආගාධයකට ඇඳලා දාලා තිබුණා..

anola ✔️Where stories live. Discover now