epilogue

160 34 66
                                    

End of this endless time
Only we could dream once more

Constantly pain will drag you down
Though this maze wouldn't end up now

I want to find you now
On this way..

~~~~~~~~~~

කැබ් එක පාක් කරපු තේහ්‍යුන්ග් සීට් එකට හේත්තු වුනා.. කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ජීවත් වුන තමන්ට කොහොම ද මෙහෙම වුනේ.. මේ වගේ ප්‍රශ්න ගොඩක් එකපාරටම ආවෙ කොහොමද..?

තමන්ගෙ මමා එහෙම කලේ කොහොමද..?

එහෙම කරගත්තෙ කොහොමද..?

තමන්ට එහෙම කලේ කොහොමද..?

මේ දේවල් වලට අනෝලා සම්බන්ධ වුනේ කොහොමද..?

ගත වෙලා තිබුනෙ දවස් දෙකක් විතරක් වුනත් තේහ්‍යුන්ග් ඒ වෙද්දි සම්පූර්'නයෙන්ම වෙනස් වෙලා තිබුනා. ගෙවුනු දවස් දෙකේදි එක මීල් එකක්වත් ගත්ත ද කියලා තේහ්‍යුන්ග්ට මතක තිබුනෙ නෑ. ශේව් කරලා තිබුනත් මේ වෙද්දි තැනින් තැන බියර්'ඩ් එක වැවිලා, හැමදාමත් ජෙල් කරල පිලිවෙලට තිබුන කොන්ඩෙ අවුල් වෙලා ගිහින්, ඇස් දෙක යටට ගිලිලා ගිහින් තිබුනා. තේහ්‍යුන්ගෙ ෆිසිකලි වගේම මෙන්ටලිත් පාතටම වැටිලා හිටියා..

තේහ්‍යුන්ග් අනෝලව හොයාගෙන උඩට ගියා.. මොන තරම් දෙයක් වුණත් අනෝලා තමන්ව දාලා යන්නෙ නෑ කියන්න තේහ්‍යුන්ග් දැනගෙන හිටියා. අනෝලාගෙන් මොන තරම් තරහ පිට කලත් ඒ වැරැද්දට අනෝලා වග කියන්නෙ කොහොමද..? තේහ්‍යුන්ග් ඒ ගැන දැනගෙන හිටියත් එයාට තමන්ව පාලනය කර ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ කියලා මතක් වෙද්දි තේහ්‍යුන්ට ලැජ්ජ හිතුනා.

තේහ්‍යුන්ග් ඩෝ එක ඇරගෙන ඇතුලට ගියා. වෙනදට ඉස්ලත් එක්ක අනෝලා ඉද්දි සද්දෙට තිබුන එන්වයිරමන්ට් එක හොටෙල් අපාට්මන්ට් එකේ තිබුනෙ නෑ.. තේහ්‍යුන්ග්ට එකපාරටම බයක් දැනුනත් තේහ්‍යුන්ග් අනෝලාව විශ්වාස කලා..

" අනෝලා, බේබි..!"

තේහ්‍යුන්ග් කතා කලා.. ඒත් අනෝලා වෙනුවට ඉස්ලා රූම් එකෙන් එළියට ආවා..

" ඉස්ලා, බේබි කොහෙ ද..?"

" ඩ්‍රින්ක් එකක් ඕනි ද..?"

anola ✔️Onde histórias criam vida. Descubra agora